2026 ඔක්තෝබර් 12 වැනිදා සවස කළුතර දකුණ පොලිස් වසමේ නාගොඩ ප්රදේශයේදී නීතිවිරෝධී මත්පැන් ලීටර් 75ක් (බෝතල් 100ක්) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ලද තොරතුරක් මත වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24ක් වන වෙනිවැල්කැටිය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු සහ නීතිවිරෝධී මත්පැන් තොගය කළුතර දකුණ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කළුතර දකුණ පොලිසිය විසින් සිදුකරනු ලබයි.














