ජනතාවට වඩාත් කාර්යක්ෂම, මිත්රශීලී සහ ගුණාත්මක පොලිස් සේවයක් සැපයීමේ අරමුණින් පොළොන්නරුව දිස්ත්රික්කයේ පොලිස් ස්ථාන 11ක භෞතික යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළක් ක්රියාත්මක කර තිබේ.
මෙම වැඩපිළිවෙළ යටතේ පොලිස් ස්ථානවල ගොඩනැගිලි සහ කාර්යාල පහසුකම් ඇතුළු භෞතික යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇත.
වැඩපිළිවෙළේ ප්රගතිය සොයා බැලීම සඳහා නිවාස නියෝජ්ය අමාත්ය ටී.බී. සරත් මහතා සහ පොළොන්නරුව දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් රත්නසිරි මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් පසුගියදා නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබේ.
පොලිස් නිලධාරීන්ට සුදුසු සේවා පරිසරයක් නිර්මාණය කිරීමත්, පොලිස් ස්ථාන වෙත පැමිණෙන ජනතාවට වඩාත් පහසු සහ සුහදශීලී සේවාවක් ලබාදීමත් මෙම වැඩපිළිවෙළේ ප්රධාන අරමුණු වේ.













