පාකිස්තානයේ කයිබර් පක්තුන්ක්වා පළාතේ හදිසි නීතිය සහ ආණ්ඩුකාර පාලනය පැනවීම මානව හිමිකම් මර්දනය කිරීමට, විරෝධතා හඬ නිහඬ කිරීමට හෝ දේශපාලන බලය එක්රැස් කිරීමට යොදා නොගන්නා ලෙස ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය එරට බලධාරීන්ට අනතුරු අඟවා තිබේ.
දකුණු ආසියාව සඳහා වන එම සංවිධානයේ නියෝජ්ය අධ්යක්ෂ බාබු රාම් පන්ට් සඳහන් කර ඇත්තේ දේශපාලන නායකයන් අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම, අන්තර්ජාල සේවා සීමා කිරීම සහ සන්නද්ධ හමුදා යෙදවීම පිළිබඳ වාර්තා සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.
2026 ඔක්තෝබර් 11 වැනිදා පාකිස්තාන ජනාධිපති අසීෆ් අලි සර්දාරි විසින් ෆෙඩරල් කැබිනට් මණ්ඩලයේ නිර්දේශ අනුව කයිබර් පක්තුන්ක්වා පළාතේ හදිසි නීතිය සහ ආණ්ඩුකාර පාලනය පැනවීමට අදාළ නිර්දේශ අනුමත කර තිබේ. එම තීරණයට හේතුව ලෙස බලධාරීන් පෙන්වා දී ඇත්තේ ත්රස්ත ප්රහාර ඉහළ යාම සහ පළාතේ ව්යවස්ථාමය යාන්ත්රණය බිඳවැටීමේ අවදානමයි.
කෙසේ වෙතත්, හදිසි නීතිය යටතේ රැස්වීමේ, සංවිධානය වීමේ සහ අදහස් ප්රකාශ කිරීමේ නිදහස ඇතුළු මූලික අයිතිවාසිකම් සීමා කිරීමට හැකිවීම පිළිබඳව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය කනස්සල්ල පළ කර ඇත. හමුදාවට සාමාන්ය පොලිස් රාජකාරි පැවරීමෙන් වැළකී, සිදුකරන සියලු මෙහෙයුම් සඳහා වගවීම සහ ජාත්යන්තර මානව හිමිකම් ප්රමිතීන් සහතික කරන ලෙසද එම සංවිධානය ඉල්ලා තිබේ.
හදිසි නීතිය යටතේ ගනු ලබන සියලු ක්රියාමාර්ග සඳහා ස්වාධීන අධීක්ෂණයක් ඇති කරන ලෙසත්, එම පියවර තත්ත්වයට අත්යවශ්ය හා සමානුපාතික ඒවා බව සහතික කරන ලෙසත් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පාකිස්තාන ෆෙඩරල් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.













