මෙරට තරුණ ප්රජාව සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ එදිනෙදා අවශ්යතා කඩිනමින් ඉටුකර ගැනීමට පහසුකම් සැලසීමේ අරමුණින් නව සුපර් ඇප් එකක් හඳුන්වා දීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන නියෝජ්ය අමාත්ය එරංග ගුණසේකර මහතා පවසයි.
රත්නපුරයේ පැවති දිස්ත්රික් තරුණ සමුළුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
මෙම යෙදවුම හරහා මරණ සහතිකය හැර තරුණ තරුණියන්ට අවශ්ය අනෙකුත් රාජ්ය හා මහජන සේවාවන් පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව සැලසීමට අපේක්ෂා කරන බව නියෝජ්ය අමාත්යවරයා පැවසීය.
එමෙන්ම, පාර්ලිමේන්තුව තුළ විපක්ෂය සිදුකරන විවේචන නොතකා රට සහ ජනතාව වෙනුවෙන් රජයේ වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














