පසුගිය වසරේ වෙඩි ප්රහාරයකින් මියගිය මිද්දෙණියේ ‘කජ්ජා’ නමැත්තාගේ පුත්රයා විදේශයක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (12) සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
වීරකැටිය, යග්ගස්මුල්ල ප්රදේශයේ නිවසක සඟවා තිබූ බෝල්ට් ඇක්ෂන් වර්ගයේ බෝර 12 ගිනි අවියක් මෙලෙස සොයාගෙන ඇති බව වැටලීමට එක්වූ නිලධාරීන් සඳහන් කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු, මිද්දෙණිය පොලිස් වසමේ සිදුවූ වෙඩි තැබීමකින් දරුවන් දෙදෙනකු සමඟ ජීවිතක්ෂයට පත්වූ විදානගමගේ අරුණ ප්රියන්ත නොහොත් ‘කජ්ජා’ගේ පුත්රයා බව වාර්තා වේ.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා වීරකැටිය පොලිසියට භාරදී ඇති අතර, ඔහු තංගල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














