ඌව වෙල්ලස්ස විශ්වවිද්යාලයේ වෛද්ය පීඨයට අධ්යයන කටයුතු සඳහා එක් වූ නවක වෛද්ය සිසුන් 37 දෙනෙකු පිළිගැනීමේ උත්සවය ඊයේ (12) පෙරවරුවේ පැවැත්විණි. මෙය එම වෛද්ය පීඨයේ සිව්වැනි ශිෂ්ය කණ්ඩායමයි.
විශ්වවිද්යාලයේ තාක්ෂණ අධ්යයන පීඨ ශ්රවණාගාරයේ පැවති මෙම උත්සවයට ප්රධාන ආරාධිතයා ලෙස සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්ය අසේල ගුණවර්ධන මහතා සහභාගි වූ අතර, ගෞරවනීය ආරාධිතයා ලෙස වෛද්ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා එක්ව සිටියේය.
එහිදී නවක සිසුන්ට ශිෂ්ය අත්පොත් පිරිනැමීම සහ ශිෂ්ය ප්රතිඥාව ලබාදීම සිදු කෙරිණි. මෙරට සෞඛ්ය ක්ෂේත්රයේ අනාගතය වෙනුවෙන් වෛද්ය සිසුන් සතු වගකීම සහ වෘත්තීය කාර්යභාරය පිළිබඳව ද සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අදහස් දැක්වීය.
මේ අතර, බදුල්ල ශික්ෂණ රෝහල් පරිශ්රය කේන්ද්ර කරගනිමින් ස්ථාපිත කෙරෙන වෛද්ය පීඨයේ මහාචාර්ය ඒකකයේ සහ හදිසි අනතුරු ප්රතිකාර ඒකකයේ ඉදිකිරීම් කටයුතු ද ඔහුගේ නිරීක්ෂණයට ලක්විය. එම ඉදිකිරීම් කඩිනමින් අවසන් කර සේවා ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි වෛද්ය අසේල ගුණවර්ධන මහතා ප්රකාශ කළේය.
මෙම අවස්ථාවට විශ්වවිද්යාලයේ පීඨාධිපතිවරුන්, ආචාර්ය මණ්ඩලය, වෛද්ය සිසුන් සහ බදුල්ල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂිකා වෛද්ය හිමාලි විජේගුණසේකර මහත්මිය ඇතුළු සෞඛ්ය කාර්ය මණ්ඩලය ද සහභාගි වූහ.














