අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ අධිකරණ සංඛ්යාව වැඩි කිරීමේ වැඩසටහන යටතේ හෝමාගම අධිකරණ සංකීර්ණයේ නව අතිරේක දිසා අධිකරණයක් ස්ථාපිත කර තිබේ.
ඒ අනුව, නව අධිකරණය ස්ථාපිත කිරීම ඔක්තෝබර් 12 වැනිදා සිදුකර ඇත්තේ අධිකරණ කටයුතු වඩාත් විධිමත්ව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාමේ අරමුණින්ය.
හෝමාගම මහාධිකරණ විනිසුරු ක්රිශාන්ති අමරතුංග මහත්මියගේ ප්රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට හෝමාගම අධිකරණයේ විනිසුරුවරුන්, හෝමාගම නීතිඥ සංගමයේ නියෝජිතයන් සහ අධිකරණ කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.
අධිකරණ පද්ධතියේ පවතින නඩු කටයුතු කාර්යක්ෂමව ඉදිරියට ගෙන යාම සහ ජනතාවට යුක්තිය පසිඳලීමේ ක්රියාවලිය වඩාත් විධිමත් කිරීම සඳහා අධිකරණ පහසුකම් පුළුල් කිරීම මෙම වැඩපිළිවෙළේ ප්රධාන අරමුණක් වේ.














