පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්රියාත්මක වන අපරාධ හා මත්ද්රව්ය නිවාරණ මෙහෙයුම් යටතේ, සියලුම ප්රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම් ක්රියාත්මක කර තිබේ.
ඒ අනුව, 2026 ඔක්තෝබර් 12 වැනිදා වන විට සිදුකළ මෙහෙයුම්වලදී පුද්ගලයන් 26,174 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති අතර, සැකපිට පුද්ගලයන් 503 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයන් 32 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම, වරෙන්තුකරුවන් 364 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 251 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන් රියදුරන් 299 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අපරික්ෂාකාරී රිය පැදවීම සම්බන්ධයෙන් 89 දෙනෙකුට එරෙහිවද නීතිමය ක්රියාමාර්ග ගෙන තිබේ. රථවාහන සම්බන්ධ වෙනත් වැරදි 4,455ක්ද වාර්තා වී ඇත.
අපරාධ හා මත්ද්රව්ය නිවාරණය අරමුණු කරගනිමින් මෙම විශේෂ මෙහෙයුම් අඛණ්ඩව ක්රියාත්මක කෙරේ.














