ඌව පළාත් ප්රධාන අමාත්යවරයා ලෙස කටයුතු කළ සමයේ පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් හයක් කල්පිරීමට පෙර ඉවත් කර ගැනීමෙන් රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට පෙනී සිටීම සඳහා පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක මහතා අද (13) කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කර තිබේ.
බන්ධනාගාර නිලධාරීන් විසින් මන්ත්රීවරයා අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති අතර, අදාළ නඩුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර තිබේ.
මෙම නඩුවට අදාළ චෝදනා සම්බන්ධයෙන් අධිකරණ ක්රියාමාර්ග ඉදිරියටත් පැවැත්වීමට නියමිතය.














