රජයේ ප්රමුඛ අරමුණක් වන දිළිඳුකම තුරන් කිරීම සඳහා ක්රියාත්මක කරන “ප්රජා ශක්ති” ජාතික වැඩසටහන වෙනුවෙන් ඒකාබද්ධ ඩිජිටල් දත්ත පද්ධතියක් සකස් කිරීම පිළිබඳ සාකච්ඡාවක් පවත්වා තිබේ.
ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්රධානත්වයෙන් මෙම සාකච්ඡාව ඊයේ (13) අදාළ අමාත්යාංශ පරිශ්රයේදී පැවැත්වුණි.
ඒ සඳහා ප්රජා ශක්ති ජාතික මහලේකම් කාර්යාලයේ නිලධාරීන් මෙන්ම අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන ග්රාම සංවර්ධන කාර්යාංශයේ සහ ග්රාම සංවර්ධන අභ්යාස හා පර්යේෂණ ආයතනයේ නිලධාරීන් ද එක්ව සිටියහ.
ග්රාමීය දිළිඳුකම තුරන් කිරීමේ ක්රියාවලියේදී සංවර්ධන අවශ්යතා සහ ප්රමුඛතා නිවැරදිව හඳුනාගැනීම සඳහා අවශ්ය දත්ත එක් ඩිජිටල් වේදිකාවකට ඒකාබද්ධ කිරීමේ හැකියාව පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.
එමෙන්ම, ග්රාමීය සංවර්ධන සැලසුම් සකස් කිරීම සඳහා එම දත්ත පද්ධතිය යොදාගත හැකි ආකාරය සහ එය ක්රියාත්මක කිරීමේ ක්රමවේදය පිළිබඳව ද අවධානය යොමු වී ඇත.
















