2026 ඔක්තෝබර් 13 වැනිදා සවස මොරටුව පොලිස් වසමේ මොරටුව – කටුබැද්ද මාර්ගයේ බණ්ඩාරනායක මාවත අසලදී යතුරුපැදියක ගැටීමෙන් පදිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
කටුබැද්ද දෙස සිට පිළියන්දල දෙසට ධාවනය වූ යතුරුපැදිය මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පදිකයා පිළියන්දල රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී පදිකයා මියගොස් ඇත. මියගිය පුද්ගලයා වයස අවුරුදු 76ක් වූ කටුබැද්ද ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















