2026 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණවේදය ප්රායෝගික පරීක්ෂණ සඳහා ප්රවේශපත්ර මෙතෙක් නොලැබුණු අපේක්ෂකයන්ට අද (14) සිට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ඒවා බාගත කරගත හැකි බව දැනුම් දී තිබේ.
අදාළ ප්රායෝගික පරීක්ෂණ ඔක්තෝබර් 17 වැනිදා සිට 21 වැනිදා දක්වා දිවයින පුරා විභාග මධ්යස්ථාන 67කදී පැවැත්වීමට නියමිතය.
පාසල් අයදුම්කරුවන්ගේ ප්රවේශපත්ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත තැපැල් කර යවා ඇති අතර, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්රවේශපත්ර ඔවුන් අයදුම්පත්වල සඳහන් කළ ලිපිනයන් වෙත තැපැල් කර තිබේ.
එහෙත් මෙතෙක් ප්රවේශපත්ර නොලැබුණු අපේක්ෂකයන්ට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හරහා ඒවා ලබාගැනීමට අවස්ථාව සලසා ඇත.


















