වෙළෙඳ අමාත්යවරයා ලෙස කටයුතු කළ සමයේ සතොස සේවකයන් නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීමෙන් රජයට පාඩුවක් සිදුකළ බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන ඔක්තෝබර් 28 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
අද (14) නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා මෙම නියෝගය ලබා දී ඇත.
වෙනත් නඩුවක් සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින විත්තිකරු මොහොමඩ් සාකීර් අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලේ ප්රතිකාර ලබන බැවින් අද අධිකරණයේ පෙනී නොසිටින බව ඔහුගේ නීතිඥවරුන් අධිකරණයට දැනුම් දී තිබේ.

















