සංචාරක වීසා මඟින් ඩුබායි රාජ්යයේ විදේශ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචා කිරීමේ ජාවාරමකට වරදකරු වූ ‘ඩුබායි සුද්දා‘ නොහොත් රංතැටිගේ නිශ්ශංක ප්රියදර්ශන නමැත්තාට වසර 05ක අත්හිටවූ සිරදඬුවමක් කුලියාපිටිය මහේස්ත්රාත් අධිකරණය විසින් නියම කර තිබේ.
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම නියෝගය ලබා දී ඇත. ඩුබායි රාජ්යයේ රැකියා ලබා දෙන බව පවසා ගිරිඋල්ල ප්රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 7ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදීම සම්බන්ධයෙන් මෙම විමර්ශන ආරම්භ කර තිබිණි. අත්හිටවූ සිරදඬුවමට අමතරව රුපියල් ලක්ෂයක දඩයක් සහ අගතියට පත් පාර්ශ්වයට රුපියල් ලක්ෂ 7ක වන්දියක් ගෙවන ලෙසද අධිකරණය නියම කර ඇත. බුලත්සිංහල ප්රදේශීය සභාවේ මන්ත්රීවරයෙකු වන මොහු, සමාජ මාධ්ය ඔස්සේ මෙම ජාවාරම මෙහෙයවා ඇති අතර වැලිසර සහ කඩුවෙල අධිකරණවලද මොහුට එරෙහිව මෙවැනි නඩු පවතින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.


















