රට තුළ යහපත් ආණ්ඩුකරණයක් ගෙනයමින් ආර්ථිකය ශක්තිමත් කරන විට, ඇතැම් පාර්ශ්වයන්ට බියක් දැනී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් වටගල මහතා පවසයි.
පැවැති මාධ්ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මීට පෙර ඩොලර් නොමැතිව මුහුදේ පාවෙමින් තිබූ තෙල් නැව් තිබූ රටක් අද වන විට ස්ථාවර මට්ටමකට ගෙනැවිත් ඇති බවයි. ගත් ණයවල වාරික ගෙවන මට්ටමට පත්ව ඇති බවත්, අපේ මුදල්වලින් අධිවේගී මාර්ග පද්ධතිය සෑදීම ආරම්භ කර ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. රට නිවැරදි මාවතක ගමන් කරන විට කලින් විරුද්ධව සිටි කණ්ඩායම් දැන් එකතු වී බොරු වෙස්මුහුණු පැළඳ එකට එකතු වන තත්ත්වයට පත්ව ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
අපගේ සියලුම සමාජ මාධ්ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.


















