රියදුරු විනය තහවුරු කිරීම සහ රිය අනතුරු හේතුවෙන් දෛනිකව හා වාර්ෂිකව සිදුවන ජීවිත හානි, තුවාල ලැබීම් මෙන්ම දේපළ අලාභහානි අවම කර ගැනීම සඳහා අකුසලතා ලකුණු ක්රමවේදය දැඩි ලෙස ක්රියාත්මක කරන බව ප්රවාහන නියෝජ්ය අමාත්ය ප්රසන්න ගුණසේන පවසයි.
රූපවාහිනී සංවාදයකට එක්වෙමින් නියෝජ්ය අමාත්යවරයා මේ බව සඳහන් කළේය. යම් රියදුරකු රථවාහන නීති උල්ලංඝනය කිරීම් හේතුවෙන් එකතු කරගන්නා අකුසලතා ලකුණු ප්රමාණය 30 ඉක්මවා ගියහොත්, එම රියදුරු බලපත්රය මාස 12ක (වසරක) කාලයකට බලපැවැත්වෙන පරිදි අවලංගු වීම සිදුවන බව ඔහු ප්රකාශ කළේය. මෙම ක්රමවේදයට අදාළව දැනට එක් අංශයක් ආරම්භ කර ඇති අතර, තවත් අංශ ඉදිරියට හඳුන්වා දීමට අවශ්ය කටයුතු මේ වන විට සූදානම් කරමින් පවතින බවද නියෝජ්ය අමාත්යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.


















