විකිරණශීලී ද්රව්ය කාන්දුවක් සිදුවිය හැකි හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දීමේ සූදානම පරීක්ෂා කිරීම සඳහා විශේෂ පෙරහුරුවක් අද (17) ගාල්ල ජාතික රෝහල් පරිශ්රයේදී පැවැත්වුණි.
විකිරණශීලී ද්රව්ය ප්රවාහනය කළ ලොරියක් සහ මගී බස් රථයක් ගැටී අනතුරක් සිදුවූ බවට උපකල්පනය කරමින් මෙම පෙරහුරුව සංවිධානය කර තිබුණි.
එහිදී විකිරණවලට නිරාවරණය වූ බවට සැලකෙන පුද්ගලයන් ආරක්ෂිතව රෝහලට රැගෙන ඒම, විකිරණ දූෂණය ඉවත් කිරීමේ ක්රියාවලිය සහ අවශ්ය හදිසි වෛද්ය ප්රතිකාර ලබාදීම ඇතුළු පියවර ප්රායෝගිකව අත්හදා බැලිණි.
මෙම වැඩසටහනට ගාල්ල ජාතික රෝහලේ වෛද්යවරුන්, හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය, ගාල්ල පොලිසියේ නිලධාරීන් සහ ත්රිවිධ හමුදා සාමාජිකයන් එක්ව සිටියහ.
හදිසි ආපදා අවස්ථාවකදී අදාළ අංශ අතර සම්බන්ධීකරණය සහ ප්රතිචාර දැක්වීමේ හැකියාව වැඩිදියුණු කිරීම මෙවැනි පෙරහුරුවල අරමුණයි.
















