චෙම්මිනි සමූහ මිනීවළෙන් සොයාගත් මළසිරුරු බෝවන රෝගයක් හෝ ස්වාභාවික විපතක් හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ විය හැකි බවට මානව විද්යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සඳහන් කර ඇති බව ජාතික පුවත්පතක් වාර්තා කර තිබේ.
එම පුවත්පත් වාර්තාවට අනුව, මහාචාර්යවරයා මේ සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක් ද ඉදිරිපත් කර ඇත.
2025 වසරේ ආරම්භ වූ කැණීම් කටයුතු අතරතුර මිනිස් ඇටසැකිලි 580කට අධික සංඛ්යාවක් සොයාගෙන ඇති අතර, ඒ අතර ළමයින්ගේ සහ බිලිඳුන්ගේ ඇටසැකිලි ද තිබෙන බව වාර්තාවේ සඳහන් වේ.
කෙසේ වෙතත්, මළසිරුරුවල මරණයට හේතුව පිළිබඳ නිශ්චිත නිගමනයකට එළඹීම සඳහා වැඩිදුර විමර්ශන සහ සාක්ෂි අවශ්ය වේ.














