මින්නේරිය මැතිවරණ කොට්ඨාසයට අයත් ගම්මානයක නිවාස 20කට පමණ හැකරැල්ලන් විශාල වශයෙන් පැතිර යාම හේතුවෙන් ප්රදේශවාසීන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව වාර්තා වේ.
ප්රදේශවාසීන් පවසන්නේ හැකරැල්ලන් නිවාස තුළට, දොරකඩවලට සහ මුළුතැන්ගෙවල්වලට ඇතුළු වන අතර ආහාර ද දූෂණය වන බවයි. මේ හේතුවෙන් ඔවුන්ගේ දෛනික ජීවිතයට දැඩි බාධා එල්ල වී තිබේ.
කෘමිනාශක යෙදීමෙන් හැකරැල්ලන් කිහිපදෙනෙකු මිය ගියද, කෙටි කලකින් යළිත් විශාල සංඛ්යාවක් පැතිරෙන බව ගම්වාසීහු පවසති. දිනකට රුපියල් 3,000ක් පමණ කෘමිනාශක සඳහා වැය කළද ස්ථිර විසඳුමක් ලැබී නොමැති බවද ඔවුහු සඳහන් කරති.
මෙම තත්ත්වය තවදුරටත් ව්යාප්ත වීමට පෙර අදාළ බලධාරීන් මැදිහත් වී පරිසරයට හා ජනතාවගේ සෞඛ්යයට ඇති විය හැකි අවදානම් සැලකිල්ලට ගනිමින් දිගුකාලීන විසඳුමක් ලබාදෙන ලෙස ප්රදේශවාසීහු ඉල්ලා සිටිති.














