හයිටියේ සන්නද්ධ කල්ලි විසින් පැහැරගනු ලැබූ එල් සැල්වදෝර් සෙබළුන් සිව්දෙනෙකු බේරාගැනීම සඳහා හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති බව එරට ජනාධිපති නයිබ් බුකෙලේ ප්රකාශ කර තිබේ.
සමාජ මාධ්ය ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් ඔහු අනතුරු අඟවා ඇත්තේ පැහැරගත් සෙබළුන් සිව්දෙනා නිරුපද්රිතව නිදහස් නොකළහොත් ඊට වඩා දැඩි ප්රතිචාරයක් එල්ල කරන බවයි. අදාළ මෙහෙයුමේ විස්තර ඔහු හෙළි කර නැත.
එක්සත් ජාතීන්ගේ සහාය ලබන කල්ලි මර්දන බලකායට අනුයුක්තව සේවය කළ ගුවන් යානා තාක්ෂණ ශිල්පීන් වන මෙම සෙබළුන් සිව්දෙනා, හයිටියේ පෝර්ට්-ඕ-ප්රින්ස් අගනුවර ආසන්නයේදී ඔවුන් ගමන් කළ සන්නද්ධ රථයට කල්ලි විසින් වෙඩි තැබීමෙන් පසු අතුරුදන් වී තිබේ. එම රථය ගිනි ගැනීමෙන් පසු ඔවුන් ඉන් පිටතට පැමිණ ඇති බව වාර්තා වේ.
මේ අතර, පැහැරගත් සෙබළුන් නිදහස් කරගැනීම තම රජයේ “පරම ප්රමුඛතාවක්” බව හයිටි රජය ප්රකාශ කර ඇත. කෙසේ වෙතත්, සෙබළුන් සිව්දෙනා ජීවතුන් අතර සිටින බවට තහවුරු කිරීමක් ලැබී තිබේද යන්න තවමත් පැහැදිලි නැත.













