ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් ශ්රී ලංකා පාපැදි සම්මේලනයේ සහ ශ්රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින් අතිවිශේෂ ගැසට් නිවේදන දෙකක් නිකුත් කර තිබේ.
2026 ඔක්තෝබර් 20 වැනිදා දිනැති මෙම ගැසට් නිවේදන 1973 අංක 25 දරන ක්රීඩා පනතේ 32 සහ 33 වගන්ති යටතේ නිකුත් කර ඇත.
අදාළ ක්රීඩා ආයතන දෙකේ පරිපාලනය සහ ප්රතිව්යුහගත කිරීම අධීක්ෂණය කිරීම සඳහා වෙන වෙනම පරිවර්තන කමිටු පත් කර තිබේ. වංචා, දූෂණ සහ වෙනත් අක්රමිකතා පිළිබඳ විමර්ශනය කිරීම, නව ව්යවස්ථා හඳුන්වාදීම, සුදුසුකම් ලත් සාමාජිකයන් ලියාපදිංචි කිරීම මෙන්ම විශේෂ මහා සභා රැස්වීම් සහ වාර්ෂික මහා සභා රැස්වීම් පැවැත්වීම එම කමිටුවලට පැවරී ඇත.
පාපැදි සම්මේලනයේ පරිවර්තන කමිටුවේ සභාපතිවරයා ලෙස අනුර මහාරච්චි මහතා පත් කර ඇති අතර, ශ්රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ පරිවර්තන කමිටුවේ ප්රධානියා ලෙස එම්.එච්.එස්.එස්. කුසුම් කුමාර මහතා පත් කර තිබේ.
නව නිලධාරී මණ්ඩල තෝරා පත් කරගන්නා තෙක් අදාළ ක්රීඩා ආයතන දෙකේ පරිපාලන කටයුතු මෙහෙයවීමට ද මෙම කමිටුවලට බලය ලබාදී ඇත. නව ව්යවස්ථා ලියාපදිංචි කිරීමෙන් දින 90ක් ඇතුළත මැතිවරණ පැවැත්විය යුතු බව ද ගැසට් නිවේදනවල සඳහන් වේ.
මේ අතර, පාපැදි සම්මේලනය සම්බන්ධයෙන් 2025 අගෝස්තු 21 වැනිදා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය ද වහාම ක්රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ.















