මන්නාරම–තලෙයිමන්නාරම ප්රධාන මාර්ගයේ කිළියන්කුඩියිරුප්පු ප්රදේශයේදී අද (24) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් යුද හමුදා සෙබළෙකු මියගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා තිබේ.
තලෙයිමන්නාරමේ සිට මන්නාරම දෙසට ධාවනය වෙමින් තිබූ යුද හමුදාවට අයත් ඩිෆෙන්ඩර් රථයක් පාලනයෙන් මිදී මාර්ගය අසල තිබූ තල් ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයන් 11 දෙනා පේසාලෛ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා මන්නාරම දිස්ත්රික් රෝහල වෙත මාරු කර යවා තිබේ.
අනතුරින් ඩිෆෙන්ඩර් රථයටද දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ.














