චීනය සම්බන්ධයෙන් ඇමරිකානු ආයෝජන සීමා තවදුරටත් පුළුල් කිරීමට ගෙන ඇති යෝජනාව නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා තිබේ.
චීන වාණිජ අමාත්යාංශය සෙනසුරාදා (24) නිකුත් කළ ප්රකාශයකින් සඳහන් කර ඇත්තේ, ඇමරිකාවේ යෝජිත නව නීති මගින් චීනයට අදාළ ආයෝජන සීමා පුළුල් වන අතර එය දෙරට අතර ආර්ථික හා වෙළෙඳ සබඳතාවලට අහිතකර බලපෑම් ඇති කළ හැකි බවයි.
ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ යෝජනාවට අනුව, විදේශයන්හි සිදුකරන ඇමරිකානු ආයෝජන සම්බන්ධ ආරක්ෂක වැඩසටහන යාවත්කාලීන කිරීමට සැලසුම් කර තිබේ. ඒ යටතේ ජෛව තාක්ෂණ ක්ෂේත්රයද සීමා පැනවිය හැකි ක්ෂේත්ර අතරට එක් කිරීමටත්, ඉහළ කාර්යසාධන පරිගණකකරණය සහ අධිධ්වනි පද්ධති සම්බන්ධ සීමා පුළුල් කිරීමටත් යෝජනා කර ඇත.
චීන වාණිජ අමාත්යාංශය මෙම යෝජනාවට දැඩි විරෝධය පළ කර ඇති අතර, අවශ්ය වුවහොත් ප්රතිචාරාත්මක පියවර ගැනීමේ අයිතිය තමන් සතු බවද ප්රකාශ කර තිබේ.
කෙසේ වෙතත්, ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම පියවර චීනයට පමණක් සීමා නොවන බවයි. ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ද්විත්ව භාවිත උපායමාර්ගික තාක්ෂණයන් සංවර්ධනය කිරීම සඳහා ඇමරිකානු ප්රාග්ධනය යොදාගැනීම වැළැක්වීම එහි අරමුණ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.














