චීනයේ පැවැත්වෙන නිංබෝ විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට වත්මන් ශූරිය වන කසකස්තානයේ එලේනා රයිබකිනා සමත්ව තිබේ.
අවසන් පූර්ව වටයේදී රුසියාවේ ඩයනා ෂ්නයිඩර් ලකුණු 6-3ක් සහ 7-5ක් ලෙස පරාජය කරමින් රයිබකිනා අවසන් තරගයට පිවිසියාය.
ඒ අනුව ඇය අවසන් තරගයේදී කැනඩාවේ ලේලා ෆර්නැන්ඩස් සමඟ තරග වැදීමට නියමිතය. ෆර්නැන්ඩස් අවසන් පූර්ව තරගයේදී චෙක් ජනරජයේ මාරි බූස්කෝවා ලකුණු 6-3ක් සහ 7-5ක් ලෙස පරාජය කළාය.
ලෝක ශ්රේණිගත කිරීම්වල ඉදිරියෙන් සිටින රයිබකිනා, පසුගිය වසරේ දිනාගත් නිංබෝ ශූරතාව අඛණ්ඩව දෙවැනි වරටත් දිනා ගැනීමේ අරමුණින් අවසන් තරගයට එක්වනු ඇත.
















