අයිස් මත්ද්රව්ය කිලෝග්රෑම් 01යි ග්රෑම් 10ක් ප්රවාහනය කරමින් සිටි බව කියන 26 හැවිරිදි සැකකරුවෙකු මෝටර් රථයක් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2026 ඔක්තෝබර් 24 වැනිදා රාත්රියේ තලංගම පොලිස් වසමේ කලල්ගොඩ හන්දිය ප්රදේශයේදී නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ ලද තොරතුරකට අනුවයි.
සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී අදාළ මත්ද්රව්ය සොයාගෙන ඇති අතර, පසුව සැකකරු මෝටර් රථය ද සමඟ තලංගම පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබෙනවා. සැකකරු පිළියන්දල ප්රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙකු බව පොලිසිය සඳහන් කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන තලංගම පොලිසිය විසින් සිදුකරනු ලබනවා














