හබරාදූව ප්රදේශයේදී බස් රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් හයදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
පොලිසිය සඳහන් කළේ, තුවාල ලැබූවන් අතරින් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවට වාර්තා වන බවයි.
කොග්ගල මාර්ටින් වික්රමසිංහ කෞතුකාගාරය ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන් වේ.
අනතුර සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැත.
















