අහංගම, කතළුව ප්රදේශයේදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් පස්දෙනෙකු තුවාල ලබා තිබේ.
තුවාල ලැබූවන් කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
පොලීසිය සඳහන් කළේ, ටිපර් රථය වෙනත් වාහනයකට ඉස්සර කිරීමට උත්සාහ කිරීමේදී ඉදිරියෙන් පැමිණි බස් රථයේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.
අනතුර සම්බන්ධයෙන් අහංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.













