පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් රාජාංගනය සහ තබ්බෝව ජලාශවල වාන් දොරටු විවෘත කර තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අනුව, රාජාංගනය ජලාශයේ වාන් දොරටු හයක් විවෘත කර ඇත. ඉන් දොරටු දෙකක් අඩි හතර බැගින්ද, තවත් දෙකක් අඩි තුන බැගින්ද, ඉතිරි දෙක අඩි දෙක බැගින්ද විවෘත කර තිබේ.
ජලාශයට ලැබෙන ජල ප්රමාණය සහ ඉදිරි වර්ෂාපතනය අනුව වාන් දොරටු විවෘත කර තැබීමේ ප්රමාණය වෙනස් විය හැකි බැවින්, රාජාංගනය ජලාශයට පහළ කලා ඔය ද්රෝණිය ආශ්රිත ජනතාවට අවධානයෙන් සිටින ලෙස දැනුම් දී ඇත.
මේ අතර, මී ඔය ද්රෝණියේ පිහිටි තබ්බෝව ජලාශයේ ද වාන් දොරටු දෙකක් අඩි භාගය බැගින් විවෘත කර ඇති බව ජලාශය භාර ඉංජිනේරුවෝ සඳහන් කරති.
අදාළ ප්රදේශවල ජනතාව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ අංශ නිකුත් කරන නිල නිවේදන අනුව කටයුතු කරන ලෙස දැනුම් දී තිබේ.














