ප්රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීමේ සිද්ධියට අදාළව ශ්රේෂ්ඨාධිකරණය නියම කළ වන්දි මුදල් සම්පූර්ණයෙන් ගෙවා නොමැති බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු වගඋත්තරකරුවන් සිව්දෙනෙකු බැඳුම්කර මත මුදා හැරීමට සහ ඔවුන්ට විදෙස් ගමන් තහනමක් පැනවීමට ශ්රේෂ්ඨාධිකරණය නියෝග කළ බව වාර්තා වේ.
මෙම සිද්ධියට අදාළව පසුගිය මාර්තු මාසයේදී ශ්රේෂ්ඨාධිකරණය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට රුපියල් මිලියන 75ක වන්දියක් රජයට ගෙවන ලෙස නියම කර තිබුණි. එම මුදලින් රුපියල් මිලියන 20ක් ගෙවා ඇති බව ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.
නියමිත වන්දි මුදල් ගෙවා නොමැති බව පවසමින් ට්රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්රී ලංකා සංවිධානය විසින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බව සඳහන් වේ.
අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේන මහතා ප්රමුඛ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වේ.














