ශ්රී ලංකාව, පාකිස්තානය සහ එංගලන්තය සහභාගී වන එක්දින තුන්කොන් ක්රිකට් තරගාවලියේ ඉතිරි තරග සඳහා පාකිස්තාන ආරම්භක පිතිකරු සයිම් අයූබ් වෙනුවට සාහිබ්සාදා ෆර්හාන් සංචිතයට කැඳවා තිබේ.
පාකිස්තාන ක්රිකට් පාලක මණ්ඩලය (PCB) ඔක්තෝබර් 26 වැනිදා නිකුත් කළ නිවේදනයකට අනුව, ප්රධාන පුහුණුකරු සමඟ සාකච්ඡා කිරීමෙන් පසු සිය පිතිකරණ දක්ෂතා වැඩිදියුණු කරගැනීමට සහ ආත්ම විශ්වාසය යළි ගොඩනඟා ගැනීමට දේශීය ක්රිකට් තරග වෙත යාමට සයිම් අයූබ් ඉල්ලීමක් කර තිබේ.
ඔහුගේ ඉල්ලීමට කණ්ඩායම් කළමනාකාරීත්වය සහ ජාතික තේරීම් කමිටුව එකඟ වී ඇති අතර, ඒ අනුව සාහිබ්සාදා ෆර්හාන් ඔහුගේ ආදේශකයා ලෙස නම් කර ඇත.
තුන්කොන් තරගාවලියේ පළමු තරග තුනේදී සයිම් අයූබ් රැස්කරගෙන ඇත්තේ ලකුණු 21ක් පමණි.
පාකිස්තානය මේ වන විට තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇති අතර, ඔක්තෝබර් 27 වැනිදා ශ්රී ලංකාව සමඟ තරග වැදීමට නියමිතය.














