ආපදාවක් ඇති නොවීම සඳහා කළයුතු පිළියම් සිදු කිරීම ආපදා කළමණාකරන අමාත්‍යංශයේ ප්‍රමුඛතම රාජකාරිය බව වාරී මාර්ග ජල සම්පත් හා ආපදා කළමණාකරන අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ තිවිය හැකි ආපදාවන් වලක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආපදා කළමණාකරන නිළධාරීන් හා ආපදා සහන නිළධාරීන් සමඟ පැවැති සාකච්ජාවකට එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය“ එහිදී වර්ෂාව වැඩි වීමත් සමඟින් නිරන්තරයෙන් ගංවතුර තත්වයන්ට ලක්වන ප්‍රදේශයන් ගංවතුර ඇතිවීමෙන් වලක්වා ගැනීම සඳහා බෝක්කු, පාලම්, ඇළවේලී ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් සාකච්ජා කෙරුණු අතර, එහිදී නිළධාරීන්ට අවධාරණය කර සිටියේ ආපදාවක් සිදු වූ පසු සහන සලසනවා වෙනුවට ආපදාවන් සිදු නොවීම සඳහා කළයුතු , කළ හැකි පිළියම් පළමුව සිදු කළ යුතු බවයි. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආපදා තත්ව ඇතිවීම වලක්වා ගැනීම සඳහා සිදු කළ යුතු සංවර්ධන වැඩසටහන් ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කරන ලෙස නිළධාරීන්ට උපදෙස් ලබා දුන්හ.මේ ලැයිස්තු සකස් කිරිමේදී කිසිවකුටත් කොන්ත්‍රාත් කිරීමේ අපේක්ෂාවෙන් ලැයිස්තු සකස් නොකරන ලෙසත්, ගංවතුර අවම කිරීම සඳහා සැබෑ ලෙසම ප්‍රමුඛතාවය තිබෙන අයුරින් මෙම ලැයිස්තු සකස් කළ යුතු බවටත් අමාත්‍යයතුමන් එහිදී නිළධාරීන්ට අවධාරණය කර සිටියහ.නියං තත්වයන් වලදී වාරී මාර්ග දෙපාර්තෙම්න්තුව හරහා ජනතාවගේ ජල අවශ්‍යතා සැපයීම සඳහා වගා ලිං හා නළ ලිං ලබා දිය හැකි බව අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.