කුණු පිළිබඳ ප‍්‍රශ්නය විසඳන්න ඉතිහාසයේ පළවෙනි වතාවට උත්සාහයක් දරණ මොහොතේ එම ව්‍යාපෘතිය කඩාකප්පල් කරන්න හදන බව අතිරේක ලේකම් මාධව වෛද්‍යරත්න මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (19) දින අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
එම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ඉංජි. නිහාල් රූපසිංහ මහතා, මහාචාර්ය මහේෂ් ජයවීර මහතා (මොරටුව විශ්ව විද්‍යාලය), සමාජ විශේෂඥ නිමල් පේ‍්‍රමතිලක මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
දශක ගණනාවකට පසුව පළවෙනි වතාවට කසළ ගැටළුවට විසඳුමක් දෙන්න එනකොට වෙන වෙන අරමුණු පදනම් කරගෙන කොළඹ කුණු අපට එපා කියලා ව්‍යාපෘතිය බාධා කරන පිරිස්වලට අප අමාත්‍යාංශය වශයෙන් පවසන්නේ, මේ ව්‍යාපෘතිය එපා නම් මේ දශක ගණනාවක් තිස්සේ බලපැවත්වූනු මේ ප‍්‍රශ්නයට අපට විකල්ප විසඳුමක් පවසන්න ලෙසයි.
එහෙම විකල්ප විසඳුමක් කියන්නේ නැතිව මේ ලක්ෂ ගණනක් ජනතාවට බලපාන මේ කුණු පිළිබඳ ප‍්‍රශ්නය විසඳන්න ඉතිහාසයේ පළවෙනි වතාවට උත්සාහයක් දරණ මේ මොහොතේ මේ ව්‍යාපෘතිය කඩාකප්පල් කරනවා කියන එක අපට හිතෙන්නේ මෙය නොදැනුවත්ව නෙමෙයි ඉතාම දැනුවත්ව මෙය සිදුවන බව හෙතෙම පැවසිය. අපි මහජනතාව දැනුවත් කර තිබෙන බවත් ඔවුනට මේ පිළිබඳව අවබෝධයක් තිබෙන බවත් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ පුත්තලම දිස්ත‍්‍රික්කයේ සර්වාගමික කටයුතු පිළිබඳ සංගමයේ සභාපති මිගෙට්ටුවත්තේ සුමිත්ත ස්වාමීන් වහන්සේ මේ සඳහා මුලින් විරුද්ධ වූ හිමි නමක්. උන් වහන්සේ ඇතුළු එම පිරිස සමග සාකච්ඡා කර මෙහි විද්‍යාත්මක තත්වය පැහැදිලි කර දුන්නට පසුව උන්වහන්සේ මේ සඳහා දැන් විරෝධය පාන්නේ නැති බව අතිරේක ලේකම්වරයා පැවසිය.
මේ වගේ අපි ජනතා නායකයින්, මේ පළාතේ සිටින දේශපාලනඥයින් මේ සියළු දෙනාම මේ පිළිබඳව දැනුවත් කර තිබෙන්නේ එනිසා මේක දැනුම පිළිබඳ ගැටළුවක් නොමැති බවත් අපට සැක කරන්න තිබෙන්නේ මෙහි පසුපසින් වෙනත් අරමුණක් ඇති බව කියන එක බව අතිරේක ලේකම් මාධව වෛද්‍යරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.
අතිරේක ලේකම් මාධව වෛද්‍යරත්න මහතා විසින් කළ සම්පුර්ණ කතාව පහත පරිදි දේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අතිරේක ලේකම්වරයා, ‘සනීපාරක්‍ෂක කසළ රඳවනය නිසා සිදුවන ගැටළු සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම සඳහා අද පිටකොටුව ප‍්‍රදේශයේ විරෝධතාවයක් පැවැත්වෙන බව අපට දැන ගන්නට ලැබී තිබෙනවා. ප‍්‍රධාන වශයෙන්ම සේරක්කුලිය ප‍්‍රදේශයේ ගම්මානවල සම්පූර්ණ ගම්මානයේම ජීවත් වෙන්නේ පවුල් 340 යි. නමුත් අපට ආරංචි උනා 5,000 ක් පමණ පිරිස මේ විරෝධය සඳහා කොළඹට එක් රැුස්වනවා කියලා. මේ පවුල්වල ඔක්කොම ආවත් 5,000 ක් හැදෙන්නේ නැහැ. ඒ නිසා අපට පැහැදිලියි. මේක ඒ ප‍්‍රශ්නයේ බලපෑමට ලක්වන ප‍්‍රදේශය පමණක් නෙමෙයි මෙය වෙනත් අරමුණු පදනම් කරගෙන මේ විරෝධතාවය සංවිධානය වෙනවා කියන දේ. අපි කියන්න කැමතියි මේ විරෝධතාවය සඳහා පදනම් වන ඒ අයගේ තර්කය. මෙමගින් පරිසරයට හානි වෙනවා, කලපුවට හානි වෙනවා, භූගත ජලයට අපද්‍රව්‍ය එකතු වෙනවා. ඒ වගේම මත්ස්‍ය කර්මාන්තයට, ලූනු කර්මාන්තයට මෙයින් බලපෑම එල්ල වෙනවා මේ ආදී විවිධ දේවල් කියනවා.
හැබැයි අපි මුලින්ම මේකට කාරණා 3 ක් කියන්න කැමතියි. එකක් තමයි මේ සනීපාරක්‍ෂක කසළ රඳවනය කියන සංකල්පය අපි පුරුදු වෙන්න කරන වැඩක් නෙමෙයි. මේක දැනටමත් ලංකාවේ ප‍්‍රදේශ දෙකක කි‍්‍රයාත්මක වෙනවා. කිරිඳිවැල ප‍්‍රදේශයේ අපි දොම්පේ සනීපාරක්‍ෂක කසළ රඳවනය නමින් දවසකට කසළ ටොන් 60 ක් රැඳවිය හැකි අංගනයක් 2012 දී ආරම්භ කළා. එදා සිට මේ දක්වා එය කි‍්‍රයාත්මක වෙනවා. එතන අවට ජනතාවගෙන් මේ පිළිබඳව කිසිම කිසිම පැමිණිල්ලක් ලැබිලා නැහැ. දෙවන කාරණය කවුරුත් නොදැන නුවරඑළියේ එකක් කි‍්‍රයාත්මක වෙනවා. එය දවසකට ටොන් විස්සක් කසළ රැඳවිය හැකි රඳවනයක්. ඒකත් කිසිඳු ප‍්‍රශ්නයක් නැතිව මේ දක්වා කි‍්‍රයාත්මක වෙමින් පවතිනවා. ඊළඟ කාරණය තමයි මේ සනීපාරක්‍ෂක කසළ රඳවනය කියන එක අපේ අමාත්‍යාංශය මගින් සොයාගත් එකක් නෙමෙයි. ජාත්‍යන්තර වශයෙන් පිළිගත්, ජාත්‍යන්තර සම්මතයන්ට එකඟව ලෝකය පුරා කි‍්‍රයාත්මක වන ක‍්‍රමවේදයක්. මෙවැනි කසළ රඳවන ඇමරිකාවේ පමණක් 3091 ක් තිබෙනවා. ඒ වගේම ලෝකයේ තිබෙන විශාලම කසළ රඳවනය තිබෙන්නේ දකුණු කොරියාවේ ඉන්චැන්වල. එය අක්කර 500 ක් පුරා විහිදී තිබෙනවා. ඇමරිකාවේ කැළිෆෝනියාවල අක්කර 630 යි. මෙක්සිකෝවේ අක්කර 927 යි. රෝමයේ අක්කර 680 යි. චීනයේ ෂැන්හයිවල අක්කර 830 යි. ඔය වගේ ලෝකයේ සියළුම රටවල්වල මේ කසළ කළමනාකරණය සඳහා තිබෙන වඩාත් පහසු සහ වඩාත් ලාභදායී ක‍්‍රමයක් තමයි මේ ක‍්‍රමය.
අපි මේක අපේ කැමැත්ත අනුව මේක නිකම්ම ගිහින් මේ වැඬේ මෙතන පටන් ගත්තේ නැහැ. මේකට 2017 දහවෙනි මාසේ 31 ක් වෙනිදා මධ්‍යම පරිසර අධිකාරියෙන් පරිසර ඇගයීම් වාර්තාවක් නිකුත් කර තිබෙනවා මෙය මෙම ස්ථානයේ ඉදිකිරීම සඳහා සුදුසුයි කියලා. ඒ නිසා මේ රටේ පරිසරය පිළිබඳව අධිකාරිත්වය උසුලන මධ්‍යම පරිසර අධිකාරිය කියද්දි මේ සඳහා මෙම ස්ථානය සුදුසුයි කියලා, වෙන කෙනෙක් පරිසරයට සුදුසු නැහැ කියනවා නම් එතන ඇත්තටම එතන ගැටළුවක් තිබෙනවා ඒ අය විද්‍යාත්මක කරුණු පදනම් කරගෙන ද, එහෙම නැත්නම් වෙනත් අරමුණු පදනම් කරගෙන ද ඒ විරෝධය පාන්නේ කියලා.
අපි මේ වන විට සනීපාරක්‍ෂක කසළ රඳවනය අදියර දෙකකින් කි‍්‍රයාත්මක කරන්නේ. පළවෙනි අදියර අපි දැන් සකස් කර අවසානයි. ඒ නිසා අපි විවෘත ආරාධනයක් කර තිබෙනවා ඔය කොළඹ කුණු එපා කියන ඒ ප‍්‍රදේශයේ ජනතාවට අපි කියලා තිබෙනවා ඔබ ප‍්‍රදේශයේ තිබෙන ප‍්‍රාදේශීය සභා 12 කසළ ගෙනවිත් දමන්න කියලා. මේ 15 වෙනිදා අපි විවෘත ආරාධනාවක් සමග එම අංගනය විවෘත කළා. හැබැයි අපි දකිනවා මේ සනීපාරක්‍ෂක කසළ රඳවනයේ තැන්පත් නොකරන මේ ප‍්‍රාදේශීය සභා මේ මොහොතේ කසළ රඳවන ආකාරය ඔබට දැක ගන්න පුළුවන්. ඒ වගේම අපගේ සනීපාරක්ෂක කසළ රඳවනයේ කොහොමද කසළ රඳවන්නේ කියලා. එමගින් ඔබට දැක ගන්නට පුළුවන් කොයි ක‍්‍රමයද වඩාත් පරිසර හිතකාමී, ජනතා හිතකාමි කියන දේ.
ඊළඟට කලපුව, භූගත ජලය සහ ලූනු ආදියට අපද්‍රව්‍ය එකතු වෙන්න පුළුවන් කියන කාරණය ගත්තහම, අපි ඉතාම පැහැදිලිව කියනවා ජාත්‍යන්තර සම්මතයන්ට අනුව මේ රඳවනය කසළ මේ භූමියෙන්, භූගත ජලයෙන් සහ පරිසරයෙන් තුන් ආකාරයකට අපි ආවරණය කර තිබෙනවා. භෞතිකව මෙය වෙන් වෙනවා. රසායනිකව වෙන් වෙනවා. ජීව විද්‍යාත්මකව මෙය වෙන් වෙනවා පරිවාරක තට්ටුවක් හරහා. එතකොට මේ පරිවාරක තට්ටුව හරහා පරිසරයට කිසිදු භෞතික ද්‍රව්‍යයක්, කිසිඳු රසායනික ද්‍රව්‍යයක්, කිසිඳු විෂබීජයක් ඇතුළු ජීව විද්‍යාත්මක ද්‍රව්‍යයක් ඇතිවීමේ හැකියාවක් නැහැ. මේක අපි සහතික වෙනවා. විශේෂයෙන්ම මේ කසළ රඳවනය ඉදිකළාට පසුව එමගින් පරිසර හානියක් වලක්වනවා. මොකද දැනටමත් මේ සිමෙන්ති සඳහා හුණුගල් හෑරිමෙන් පරිසර ප‍්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා. එතකොට මේ වලවල් ටික කසළ හරහා වැසීම තළින් ඒ පරිසර ප‍්‍රශ්නයට පිළිතුරක් ලැබෙනවා.
මේ පිළිතුර ලැබෙන කොට මේ කසළ රඳවනයේ කසළ තැන්පත් කළාට පසුව එමගින් අවට තිබෙන පසට කිසිම අපද්‍රව්‍යක් මුදා හැරිමේ කර්තව්‍යක් නැතිවෙනවා. අපි උඩිනුත් මේක පස්වලින් වසා දැමෙනවා. ඒ නිසා කිසිදු බාහිර ආකාරයකින් මේ කසළ වලින් බලපෑමක් එල්ල වෙන්න හැකියාවක් නැහැ. ඒ වගේම කසළ තැන්පත් කළාට පසුව ඒක තුළින් යම්කිසි ආකාරයකින් අපජලය ඇතිවෙන්න පුළුවන් නම්, නැත්නම් වායුව ඇතිවෙන්න පුළුවන් නම් ඒකටත් මේ ක‍්‍රමවේදය ඇතුලේ අපි පහසුකම් සලසලා තිබෙනවා. ඒ වායු පිටවෙන්නට සහ අපජලය එකතු කර පිරියම් කිරීමෙන් අනතුරුව පිරිසිදු ජලය ලෙස පරිසරයට මුදා හැරීම සඳහා. මෙයි අපජලය කියන එකත් ඉතාම අඩුයි. මොකද අපි කසළ ලබාගනිද්දි අරුවක්කාලූ කසළ රඳවනය වෙත ගෙනයෑම සඳහා එම ස්ථානවලදීම සම්පිණ්ඩනයට ලක්කර කසළවල තිබෙන ජලය ඉවත් කරනවා. එසේ ඉවත් කරනු ලබන ජලයත් නැවත වතාවක් පිරියම් කර තමයි පරිසරයට මුදා හරින්නේ. ඒ නිසා මේ විරෝධය පාන පිරිස් දක්වන ආකාරයේ පරිසර හානියක් මේ ව්‍යපෘතිය තුළ ඇත්තේ නැහැ. හැබැයි මේ ව්‍යාපෘතියට එරෙහිව සංවිධානය කරන කිසිම කෙනෙක් අර මීතොටමුල්ලේ කුණු කන්ද කඩා වැඩි අහිංසක මිනිසුන් තිස් ගණනක් මිය ගිය වෙලාවේ මේ කිසිම කෙනෙක් පෙළපාලි ගියේ නැහැ ඒ වෙනුවෙන්.
ඒ වගේම දශක ගණනාවකට පසුව පළවෙනි වතාවට කසළ ගැටළුවට විසඳුමක් දෙන්න එනකොට වෙන වෙන අරමුණු පදනම් කරගෙන කොළඹ කුණු අපට එපා කියලා මේ ව්‍යාපෘතිය බාධා කරන පිරිස්වලට අපි අමාත්‍යාංශය හැටියට කියනවා, මේ ව්‍යාපෘතිය එපා නම් මේ දශක ගණනාවක් තිස්සේ බලපැවත්වූනු මේ ප‍්‍රශ්නයට අපට විකල්ප විසඳුමක් කියන්න. එහෙම විකල්ප විසඳුමක් කියන්නේ නැතිව මේ ලක්ෂ ගණනක් ජනතාවට බලපාන මේ කුණු පිළිබඳ ප‍්‍රශ්නය විසඳන්න ඉතිහාසයේ පළවෙනි වතාවට උත්සාහයක් දරණ මේ මොහොතේ මේ ව්‍යාපෘතිය කඩාකප්පල් කරනවා කියන එක අපට හිතෙන්නේ මෙය නොදැනුවත්ව නෙමෙයි ඉතාම දැනුවත්ව මෙය සිදුවන බවයි. අපි මහජනතාව දැනුවත් කර තිබෙනවා. ඔවුනට මේ පිළිබඳව අවබෝධයක් තිබෙනවා. විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕනේ පුත්තලම දිස්ත‍්‍රික්කයේ සර්වාගමික කටයුතු පිළිබඳ සංගමයේ සභාපති මිගෙට්ටුවත්තේ සුමිත්ත ස්වාමීන් වහන්සේ මේ සඳහා මුලින් විරුද්ධ වූ හිමි නමක්. උන් වහන්සේ ඇතුළු එම පිරිස සමග සාකච්ඡා කර මෙහි විද්‍යාත්මක තත්වය පැහැදිලි කර දුන්නට පසුව උන්වහන්සේ මේ සඳහා දැන් විරෝධය පාන්නේ නැහැ. මේ වගේ අපි ජනතා නායකයින්, මේ පළාතේ සිටින දේශපාලනඥයින් මේ සියළු දෙනාම මේ පිළිබඳව දැනුවත් කර තිබෙන්නේ එනිසා මේක දැනුම පිළිබඳ ගැටළුවක් නැහැ, අපට සැක කරන්න තිබෙන්නේ මෙහි පසුපසින් වෙනත් අරමුණක් ඇති බව කියන එකයි’ යැයි පැවසීය.