• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පලාලි ගුවන්තොටුපොළ ජාත්‍යන්තර සහ කලාපීය ගුවන්තොටුපොළක් ලෙස සවංර්ධනයට

7 July 2019
in සංවර්ධන

ශ්‍රී ලාංකේය සිවිල් ගුවන් ක්ෂේත්‍රයට නව පරිච්ඡේදයක් එක් කරමින් පලාලි ගුවන් තොටුපළ ජාත්‍යන්තරයට විවෘත කිරීමට හැකියාව ලැබීම සුවිශේෂී ජයග්‍රහණයක් බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ යාපනය පලාලි ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස ප්‍ර‍වර්ධනය කිරීමේ රාජ්‍ය උත්සවය පසුගිය 05වනදා අමතමින්.

පලාලි ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කිරීමට වත්මන් රජය පියවර ගෙන තිබෙන බව පවසන ඒ මහතා ඒ අනුව එළඹෙන අගෝස්තු මාසය වන විට පලාලි ගුවන් තොටුපළ හරහා ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට හැකිවන බවද කියා සිටියේය.

එය උතුරු පළාත මුල් කරගනිමින් සමස්ත ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දීය කලාපයේ ගුවන් ප්‍ර‍වාහනයේ අනගි අවස්ථාවක් වනු ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේ මෙම ගුවන් තොටුපොළ සිවිල් ගුවන්සේවා මෙහෙයුම් ව්‍යාප්ත කිරීමත් සමග පැය ගණනක් නාස්ති කරමින් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ වෙත ගමන් අපහසුතාවය පහසුවෙන්ම විසඳෙන බවයි.

ඉදිරියේදී මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර පලාලි ගුවන් තොටුපළින් සිදු කෙරෙන ගුවන් ගමන් සඳහා අවම මිල ගණන් යටතේ ගුවන් ටිකට්පත් මහජනතාවට නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් සකසන බව හෙතෙම අවධාරණය කළේය.

යාපනය පලාලි ගුවන් තොටුපළ සංවර්ධනයට දැනට ආයෝජනය කෙරෙන මුදල රුපියල් මිලියන 2 250ක් වේ. ඒ සඳහා ශ්‍රී ලංකා රජයෙන් රුපියල් මිලියන 1,950ක් සහ ඉන්දීය ආධාර රුපියල් මිලියන 300ක් වශයෙන් යොදවයි.

ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුනිල් ගුණවර්ධන මහතා පවසන්නේ අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කෙරෙන අතර මෙම ව්‍යාපෘතියේ පළමු අදියරේදී දැනටමත් ගුවන් යානා මෙහෙයුම් කටයුතු සඳහා භාවිතයට ගැනෙන ප්‍රධාන ධාවන පථයෙහි මුල් මීටර් 950 අලුතින් ආස්ථරණය කෙරන බවයි. ඒ සමඟම ආසන 72ට අඩු Bombardier – 100 වර්ගයේ ගුවන් යානා පලාලි ගුවන්පොළෙහි හැසිරවීමේ අවස්ථාව උදා වේ.ව්‍යාපෘතියේ දෙවැනි අදියරේ දී සිදු කෙරෙන්නේ එම ප්‍රධාන ධාවන පථය කිලෝ මීටර් 1.5 දක්වා අලුතින්ම ආස්ථරණය කිරීමයි.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ, රාජ්‍ය ඇමැතිනිනි විජයකලා මහේෂ්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා, එම්. සිද්ධාර්ථන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය කොන්සල් ජනරාල් එස්. බාලචන්ද්‍රන්, ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති, එම රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මල්කාන්ති ඒකනායක, අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, සුනිල් ගුණවර්ධන, යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති දම්මික රණතුංග, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

 

Post Views: 2
Previous Post

කළු ජූලිය සුදු කළා – ඇමති මංගල

Next Post

එකිනෙකාට චෝදනා කරමින් රට ගොඩ ගන්න බෑ – අගමැති

editor

editor

Next Post

එකිනෙකාට චෝදනා කරමින් රට ගොඩ ගන්න බෑ - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved