මුල්ලේරියාව අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගය ආසාධිතයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජනතාගේ සහයෝගය ඉල්ලා සිටි.
එම පුද්ගලයා මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූ අපරාධ සඳහා දැඩි ලෙස අවශ්‍ය කරන සැකකරුවෙකු බව පොලිස් මාධ්‍ය කාර්යාලය පවසයි.
අද (24දා) අලුයම මොහු රෝහලෙන් පැනගොස් ඇති අතර ඔහු වම් කකුලේ ආබාධයක් ඇති පුද්ගලයෙකි.
ඇවිදින විට කොරගසන මෙම නැතැත්තා අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටි.
ත්‍රිකුණාමලයේදී පදිංචිව සිටි අවුරුදු 41ක් වන එල්සියාම් නසීම් නැමැති පුද්ගලෙයක් මෙසේ අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වයි.
සැකකරු පිළිබඳව තොරතුරු දන්නේ නම් 119 , 071 8591017, 071 8592290, 071-8591864 යන දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය පවසයි.