පලාත් සභාවල බලය අහෝසි කිරීමට වත්මන් ආණ්ඩුව පියවරක් ගෙන නොමැති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාධ්‍යමගින් සිදු කරන අසත්‍ය පුවත් සඳහා පිළිතුරු ලබා දෙමිනි.
දමිළ ජනතාව වෙනුවෙන් ගෙන ගිය අරගලය වැරදි මාර්ගයකට ගෙන යාමට ප්‍රධාන හේතුව වන්නේ සමහර මාධ්‍ය විසින් පල කරන ලද ප්රවෘත්ති වල ප්රතිවිපාකයක් බවට තමන්ගේ 60 වෙනි ජන්ම දින සැමරුම් උත්සවයට සහභාගී වු මාධ්‍යවේදියකු විසින් තමා වෙත පාපොච්චාරනයක් කල බවද අමාත්‍යවරයා පැවසීය.
තවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එම මාධ්‍යවේදියා සේවය කරන මාධ්‍ය ආයතනයේද මෙවැනි අසත්‍ය ප්රවෘත්ති පල කරන බවත්ය. සමහර මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් තමන්ගේ පටු අරමුණ ඉටු කරගැනීම වෙනුවෙන් ජනතාව නොමග යවන බවත් පවැසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ මාධ්‍ය වගකීම වන්නේ සත්‍ය ඇතිසැටියෙන්ම ප්‍රකාශ කර ජනතාව දැනුවත් කිරිමට කටයුතු කිරීම බවයි.
වත්මන් ආණ්ඩුවේ නොයෙකුත් පක්ෂවල සාමාජිකයන් මතභේද දරණ අය ඉන්නා බවත් සරත් වීරසේකර වැනි අමාත්‍යවරුන් බලය බෙදීමට විරුද්ධව කථා කරන බවත් ද්‍රවිඩ ජනයාගේ බලාපොරොත්තු ඉටු කිරිමට හැකිවන්නේ සම්පුර්ණ බලය බෙදීමෙන් පමණක් වන බව තමා දීර්ඝ කාලයක් තිස්සේ කැබිනට් මණ්ඩලයේදී පවසා සිටියේය.
එසේම 13 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභාවට වැඩි බලයක් ලබා දී තිබෙන බවත් රජය පළාත් සභාවල බලය අහෝසි කිරීමට කිසිම පියවරක් ගෙන නැති බව තමාහට ස්ථිර ලෙස පැවසිය හැකි බවති එනිසා ඇගිල්ලේ තරමට ඉදිමෙන්න ඕනෑ කියන මතයට අනුව දමිළ ජනතාව ත මා වෙත ලබා දුන් ජන බලය අනුව එම ජනතාවගේ දේශපාලන අයිතිය ලබා ගැනීමට කටයුතු කිරීමටත් ඔවුන්ට එදිනෙදා බලපාන ගැටළු වලට විසදුම් ලබා දීමට තමා ක්‍රියා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.