• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටේ ස්වෛරීභාවය අහිමි කරන පෝට් සිටි පනත ගෙනවිත් ඇති බව ජවිපේ ටිල්වින් කියයි

26 April 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරයා විසින් වරාය නගරය පාලනය කිරීමට අදාළව සකස් කර ඇති පනතට අනුව එය සිදු කරන්නේ කොමිෂන් සභාවක් මගින් වන අතර එම තත්ත්වය විසින් අපේ රටේ ස්වෛරීත්වයට බරපතළ තර්ජනයක් එල්ල කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ඊයේ (25) එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ අපි එකම රටක්නම් එකම නීතියක්නම් පෝට් සිටියටත් රටේ නීතිය වලංගු විය යුතුව තිබෙන බවයි.

නමුත් අපිට පේන්නේ එය භූගෝලීය වශයෙන් රටට අයිති වුණාට නීතිමය වශයෙන් අයිති නැති කිසියම් නිදහසක් ප්‍රදානය කරන ලද කලාපයක් බවට එය පත් කොට ඇති බව හෙතෙම පැවසිය.

එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙසේ අදහස් පල කර සිටියේය “ ජනාධිපතිවරයා බලයට පැමිණීමේදී කියා සිටියේ දේශප්‍රේමී, ස්වෛරීත්වය රකින පාලනයක් පිහිටුවන බවයි. ඒ නිසා රට නොවිකුණන බවත් පාවා නොදෙන බවත් ඔහු කිවුවා. රට රකිනවා නම් ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ පමණක් බවට මතයක් රටේ හැදුවා. එසේ බලයට ආපු ආණ්ඩුව සහ ජනාධිපතිවරයා දැන් රටේ ස්වෛරීභාවය අහිමි කරන පෝට් සිටි පනත ගෙනැවිත් තිබෙනවා. මේ පනතින් අපේ රටට ආර්ථික වගේම දේශපාලන හානි ගණනාවක් සිදුවීමට ඉඩකඩ තිබෙනවා.

මේ වන විට පෝට් සිටි පනත පිළිබඳව සමාජය තුළ විශාල කතාබහක් ඇතිවී තිබෙනවා. එහි හානිකර කරුණු සැලකිය යුතු ප්‍රමාණයක් අනාවරණය වී තිබෙනවා. ඒ වගේම ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගණනාවක් ඉදිරිපත් වී තිබෙනවා. ඇත්තටම එහිදී විමසා බලෙන්නේ මෙම පෝට් සිටි පනත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එකඟද නැද්ද යන කරුණ පමණයි. නමුත් මෙම පනතේ ආර්ථික හා දේශපාලනික හානි පිළිබඳව එහි සාකච්ඡා වෙන්නේ නැහැ. අපි හිතනවා මෙම පෝට් සිටි පනත ක්‍රියාත්මක වුවහොත් සිදු විය හැකි ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික හානි පිළිබඳව රට තුළ මතයක් ගොඩනැගිය යුතුයි කියලා.

ජනාධිපතිවරයා විසින් වරාය නගරය පාලනය කිරීමට අදාළව සකස් කර ඇති පනතට අනුව එය සිදු කරන්නේ කොමිෂන් සභාවක් මගිනුයි. එම තත්වය විසින් අපේ රටේ ස්වෛරීත්වයට බරපතළ තර්ජනයක් එල්ල කරනවායැයි අපි හිතනවා. අපි එකම රටක්නම් එකම නීතියක්නම් පෝට් සිටියටත් රටේ නීතිය වලංගු විය යුතුව තිබෙනවා. නමුත් අපිට පේන්නේ එය භූගෝලීය වශයෙන් රටට අයිති වුණාට නීතිමය වශයෙන් අයිති නැති කිසියම් නිදහසක් ප්‍රදානය කරන ලද කලාපයක් බවට එය පත් කොට ඇති බවයි.

පළමුවැනි කරුණ රටේ පොදු පාලනයෙන් මෙය ඉවත්කරනු ලැබ තිබීමයි. මෙය කොළඹ නගර සභාවට හෝ බස්නාහිර පළාත් සභාවට අයිති වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවට වගකින්නේ නැති ප්‍රදේශයක්. මහජන නියෝජිත ආයතනවලට මෙය අයත් වන්නේ නැහැ. මෙය පාලනය වන්නේ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන කොමිසමක් මගින්. එය පස්දෙනෙකුගේ සිට හත් දෙනෙකු දක්වා වන පිරිසකගෙන් සමන්විතයි. එයට පත් කරනු ලබන්නේ කවුරුන්දැයි පැහැදිලි නැහැ. මෙය පත්කිරීමේදී ජනාධිපතිවරයා කිසිවෙකුට වගකියන්නේ නැහැ. එය ඇමති මණ්ඩයෙන් විමසන්නේ නැහැ. එහි අදහස පෝට් සිටිය පාලනය වන්නේ ජනාධිපතිවරයා අතින් බවයි. මෙහි විශාල අනතුරක් තිබෙනවා. එක් පුද්ගලයෙක් අතින් මෙය පාලනය වීමේදී පෝට් සිටියේ පදිංචිකරුවන්ට, ඉඩම් අල්ලාගෙන සිටින්නවුන්ට, එහි ජාවාරම්කරුවන්ට තමන්ට හොඳ ජනාධිපතිවරයෙක් පත්කර ගැනීම වෙනුවෙන් මැදිහත්වීමට ඉඩක් හදනවා. ජනතාවගේ පරමාධිපත්‍යයට පිටින් ඇති නිසා ස්වෛරීත්වයට හානි කරන බව පැහැදිලියි.

ආණ්ඩුව කුමන තර්ක ඉදිරිපත් කළත් මෙම පනත මගින් රටේ නීතිරීති විශාල ප්‍රමාණයක් ඉවත්කොට තිබෙනවා. පෝට් සිටි පනතේ අග උපලේඛනවල ඊට අදාළ නොවන පනත් යටතේ ඒවා සඳහන් වෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය පනත. ක්‍රමෝපාය සංවර්ධන පනත, ආයෝජන මණ්ඩල පනත වැනි ව්‍යාපාර පවත්වාගෙන යාමට අදාළ පනත් ගණනාවක් ඒ අතර තිබෙනවා. මෙය ස්වෛරීත්වයෙන් ඉවත් කරන ලද වෙනම බලප්‍රදේශයක්. පෝට් සිටි පනත නිසා එකම රටක් එක නීතියක් වෙනුවට නීති දෙකක් රටවල් දෙකක් බවට පත් වෙනවා.

මේ පෝට් සිටිය නිර්මාණය වන්නේ චීනයේ වුවමනාවට අනුවයි. එහි ආර්ථික හා දේශපාලන වුමනාකම් වෙනුවෙන් ඔවුන් මෙය හදනවා. අපට ඉඩමක් හදා දෙන්න චීන සමාගමකට වුවමනාවක් හැදෙන්න විදිහක් නෑ. එහි සම්පූර්ණ වියදම දරුවේ ඔවුන්. ඔවුන් තමන්ගේ දේශපාලන හා ආර්ථික වුවමනාකම් වෙනුවෙන් එය මෙහෙයවනවා. මෙය ආණ්ඩුව පෙන්නන තරම් සරල කාරණයක් නෙමෙයි. එම නිසා අනිවාර්ය ලෙසම ලංකාව කලාපීය බල අරගලයක ගොදුරක් බවට පත්වෙනවා.

මේ කලාපය තුළ ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව හා ජපානය ප්‍රමුඛ කඳවුර එක් පැත්තකින් සහ අනෙක් පැත්තෙන් චීනය ආර්ථික බලවතෙක් ලෙස සිටිනවා. මෙම කඳවුරු දෙක අතර ප්‍රතිවිරෝධයක් තිබෙනවා. ඉන්දියාව අසල දූපතක් හදාගෙන චීන ආර්ථික දේශපාලන වුවමනාකම් ඉටු කරන්නා විට ඊට එරෙහිව ඉන්දියාවත් ඇමරිකාවත් ක්‍රියාත්මක වීම අනිවාර්යයක්. ආණ්ඩුව කිවුවේ අපි නොබැඳි ප්‍රතිපත්තියක සිටින බවයි. කිසිවෙකුට දණ නොනමන බවයි. නමුත් මේ නිසා ලංකාව කලාපීය බල අරගලයේ ගොදුරක් බවට පත්කරනවා. ලංකාවට මේ රටවල් සමග හැපෙන්න හයියක් නැහැ. දැනටමත් ලංකාව ජීවත් වෙන්නේ චීන හා ඉන්දියානු ණය මතයි. ණය නැතිවුණොත් ආණ්ඩුවත් නැහැ. ලංකාව කියන්නේ ඒ ණය හිලව්වට රටේ කෑලි ලබා දෙන ආණ්ඩුවක් සහිත රටක්. පෝට් සිටිය කියන්නෙත් එම ප්‍රතිපත්තියේම දිගුවක්.

මෙවැනි තත්වයක් තිබියෙදී ආණ්ඩුව ඉදිරිපත් කරන කරුණු ප්‍රමාණයක් තිබෙනවා.

● ඔවුන් කියනවා මෙම පනත ගෙනෙන්නේ ආර්ථික සංවර්ධනය ඇතිකිරීම බවයි. එමගින් විදේශීය ආයෝජන ඇවිත්, රැකියා ඇතිවී, නිෂ්පාදනය වැඩිවී ආර්ථික ඉහළ යනවා වගේ කතා ඔවුන් කියනවා. නමුත් ඇත්තම ගත්තොත් මෙහි ඇත්තේ හෙක්ටයාර 446කට මදක් වැඩි ප්‍රමාණයක්. ඔවුන් කියන්නේ මුළු රටක් ගොඩනගන්න එයින් හැකියාවක් ඇති බවයි. මුළු රටේ භූමිය තිබියෙදී එහි වරාය, වෙරළ, සම්පත් පාවිච්චි කර ගොඩනැගිය නොහැකි වූ රටක් මේ කුඩා භූමියකින් හදන්නේ කෙසේද? මේවා සෙල්ලම් ගෙවල් වගේ වැඩ. තමන්ගේ නොහැකියාව වසා ගැනීම සඳහා ආණ්ඩුව බොරු කියමින් ඉන්නවා.
● ලංකාවට ආයෝජන කැඳවා ගැනීම සඳහා සහන ලබා දිය යුතු බව ඔවුන් කියනවා. ඒ බව අපිත් පිළිගන්නවා. එසේ සහන දීම සඳහා වන ආයතන විශාල ප්‍රමාණයක් දැනමත් ලංකාවේ තිබෙනවා. කලින් මහකොළඹ ආර්ථික කොමිසම හැදුවා. එය විශාල කර ආයෝජන මණ්ඩලය හැදුවා. ඒ යටතේ වන සමාගම්වලට බදු සහන දෙනවා. යම් නීති අඩු වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඊට වඩා සහන දෙන්න ක්‍රමෝපායික සංවර්ධන පනත ගෙනාවා. මේ සියල්ල තිබියෙදී ඊට පිටින් සහන දීම සඳහා තවත් එකක් හදන්නේ ඇයි? ඒවායින් ගෙන්වා ගැනීමට නොහැකි ආයෝජකයින්ට වෙනම රටක් හදා දී ගෙන්වා ගැනීමට හැකි යැයි ඔවුන් සිතනවාදැයි අපට ගැටලුවත් තිබෙනවා.
● සැබැවින්ම ලංකාවට ආයෝජන කැඳවා ගැනීමට නොහැකි වී තිබෙන්නේ අපේ රටේ බදු සහන නැති නිසා හෝ නීතිවල ගැටලු නිසා නෙමෙයි. මීට වඩා නීති තද තැන්වලට ආයෝජන යනවා. චීනය ආයෝජන කැඳවා ගැනීමේදී එහි පැවති මධ්‍යගත තනි පක්ෂ පාලනය, දැඩි නීති අදාළ වුණේ නැහැ. එතනට ආයෝජකයෝ ආවා. කොමිස් ගැහැව්වෙ නැහැ. පගා ඉල්ලුවෙ නැහැ. නමුත් ආයෝජකයො ලංකාවට එද්දි ආණ්ඩු කරන දේශපාලකයො කොමිස්, අල්ලස් ඉල්ලනවා. මේ ආයෝජකයො විශාල කොමිස්, අල්ලස් දීලා ව්‍යාපාර කරන්න සූදානම් නැහැ. ආණ්ඩුව කළ යුතු තිබෙන්නේ මේ කොමිස් ඉල්ලන, පගා ගහන සංස්කෘතිය වෙනස් කරන එකයි. ජනාධිපතිවරයාගේ සිට පහළම නියෝජිතයා දක්වා අල්ලස් ඉල්ලන නිසා ලංකාවට එන්න හිටපු ආයෝජන හැරිලා ගිය අත්දැකීම් අපට අසන්නට ලැබුණා. එම නිසා ඇත්ත ප්‍රශ්නය පැත්තකින් තබා සහන ලබා දීමට පෝට් සිටි පනත ගෙන එනවායැයි කීම කිසිසේත් සාධාරණ නැහැ.
● පෝට් සිටිය නිසා ආයෝජන ඇවිත් රැකියා ලැබිලා රට දියුණු වන බවට ආණ්ඩුව ජනතාවට හීනයක් පෙන්නමින් ඉන්නවා. ඔය ආකාරයේ හීන කීයක් අපේ රටේ ජනතාවට පෙන්වා තිබෙනවාද? එජාප ආණ්ඩුව කඩිනම් මහවැලිය හදද්දී කෘෂිකර්මාන්තය දියුණුවෙලා, විදුලි බලය ලැබිලා කර්මාන්ත දියුණු වෙලා රටට කිරියෙන් පැණියෙන් උතුරන බවයි. ඉන්දියාවටත් විදුලිය විකිණිය හැකි බව කිවුවා. නමුත් දැන් ඉන්දියාවෙන් විදුලිය ගන්න සිද්ධ වෙලා. මහ කොළඹ ආර්ථික කොමිසමෙන් නිදහස් වෙළඳ කලාප හදද්දිත් ආයෝජන මණ්ඩල හදද්දිත් එහෙම හීනයක් හැදුවා. ආයෝජන ඇවිත් රට සුරපුරයක් වන බව කිවුවා. අද ඒවා ඛේදවාචයක් වී තිබෙනවා. ඒවායේ සේවක සේවිකාවන්ට අවම පහසුකම්වත් ලබා දීමට අසමත් වී තිබෙනවා. ක්‍රමෝපායික සංවර්ධන පනත ගේනකොටත් මෙහෙම කතා කිවුවා. ඒ සියල්ල අසාර්ථක වී තිබියෙදී දැන් පෝට් සිටි පනත හීනය පෙන්නවා.
ඇත්තම කතාව ආණ්ඩුවට චීනය ඉදිරියේ දණගැසීමට සිදුව තිබීමයි. ණය ගැනීම නිසා චීනයෙන් වැටෙන ඉදුල් ටිකක් වෙනුවෙන් මේ හදා ගත්තු බිම්කඩේ අයිතිය චීනයට ලබා දෙන්න සිදුවී තිබෙනවා. ඒ නිසා ජනාධිපතිවරයාට විදේශ රටවලට අනුව නටන රූකඩයක් වීමට සිදුව තිබෙනවා. පෝට් සිටි පනත ගෙනත් එහි ව්‍යාපාරිකයන්ට අවශ්‍ය පරිදි පාලනයක් හදා දීමට ඔහුට සිදුව තිබෙනවා. මෙවැනි රටේ නීතිය දුබල කරපු තැනකට කළු සල්ලිකාරයින්, ජාවාරම්කාරයින් කඩා වදින්න ඉඩකඩ තිබෙනවා. කළු සල්ලි සුදු කරන තැනක් ජාවාරම්කාරයින්ගේ තිත්පොළක් වෙනවා. රටේ ආණ්ඩු පෙරළන, ජනාධිපති මාරු කරන කුමන්ත්‍රණ සිදුවන තැනක් බවට මෙය පත්වෙනවා. ඒ වෙනුවෙන් කළු සල්ලි පොම්ප කෙරෙන තැනක් බවට මෙය පත්විය හැකියි.

මෙය රටක් ඇතුළට අපි දමා ගන්නා බරපතළ අනතුරක් බව කිව හැකියි. ඒ අනතුර ඇතිවී තිබෙන්නේ භූමියෙන් නොවෙයි. රටේ ස්වෛරීත්වය අත්හැරපු පනතෙනුයි. මෙතනට එන්න ඉන්න ජාවාරම්කාරයින් සතුටු කරන්න, චීනය සතුටු කරන්න මිසක් මේක රට වෙනුවෙන් හෝ ජනතාව වෙනුවෙන් හදපු දෙයක් නෙමෙයි. ඒ නිසා පෝට් සිටිය පිළිබඳව හදන හීනවලට නොරැවටෙන ලෙසත් රටට පාලනය කළ නොහැකි බිම්කඩක් නිර්මාණය වීමේ අනතුරට එරෙහිව පෙරට එන ලෙසත් ජනතාවගෙන් ඉල්ලනවා.

 

Post Views: 1
Previous Post

වාතයෙන් බෝවන නව කොරෝනා කතාව බොරුවක් බව කුමුදේෂ් කියයි

Next Post

ජනපති හල්දුම්මුල්ලට යයි “ගම සමග පිළිසඳර”

editor

editor

Next Post

ජනපති හල්දුම්මුල්ලට යයි “ගම සමග පිළිසඳර”

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved