තලෙයිමන්නාම ඌරුමලේ වෙරළ ප්‍රදේශයේ ඊයේ (14) මධ්‍යම රාත්‍රීයේ දී සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 09 ග්‍රෑම් 914ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 04ක් සහ ඩීංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රි ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය මඟින් ඌරුමලේ වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී එම වෙරළට පැමිණෙමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂාවට ලක් කරන ලදී. එහිදී එම සැකකටයුතු යාත්‍රාව තුළ තිබී නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ පාර්සල් 10ක අසුරා තිබු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 09 ග්‍රෑම් 914ක පමණ තොගයක් සමඟ සැකකරුවන් හතරක් (04)ක් සහ එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගන්නා ලදී.
තවද, මෙලෙස අත්අඩංගුවටගත් අයිස් මත්ද්‍රව්‍ය තොගයේ දළ විථි වටිනාකම රුපියල් මිලියන 79කට අධික වෙතැයි විශ්වාස කෙරේ.
පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකුලව සිදු කළ මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 28ත් 37ත් අතර වයසේ පසුවන තලෙයිමන්නාරම, ඌරුමලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, අයිස් මත්ද්‍රව්‍ය තොගය, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් උපකරණ ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලීසිය වෙත භාර දෙන ලදී.
Navy apprehends 04 suspects with Crystal Methamphetamine (ICE) worth over Rs. 79 million in Talaimannar
A special operation conducted by the Navy in the beach area of Urumalai, Talaimannar in the dark hours on 14th September 2021, led to the seizure of about 09kg and 914g of Crystal Methamphetamine (Ice) attempted to be smuggled into the country. The operation also made way to the apprehension of 04 suspects and a dinghy in connection to this racket.
Accordingly, Sri Lanka Naval Ship (SLNS) Thammanna in the North Central Naval Command made this arrest, after searching a suspicious dinghy approaching the Urumalai beach in the midnight of 14th September. The search led to the recovery of about 09kg and 914g of Crystal Methamphetamine in 10 parcels which were subsequently taken into naval custody with 04 suspects and the dinghy used for this smuggling attempt.
Meanwhile the gross street value of the stock of drug substance is believed to be over Rs. 79 million.
The operation was carried out adhering to COVID-19 protocols in force, to prevent the pandemic transmission. The accused held during this operation were identified as residents of Urumalai in Talaimannar, from 28 to 37 years of age. The suspects together with drugs, the dinghy and other accessories were handed over to the Mannar Police for onward legal action.