• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනතුරට ලක් වූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිට අතුරුදන්වූ ධීවරයෙකු සොයා නාවික හමුදාවෙන් මෙහෙයුම්

19 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකා මුහුදු කළාපයේ ඊයේ (18) සිදුවූ අනතුරක් හේතුවෙන් පෙරළීගිය නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් දෙදෙනෙකු (02) මුදවා ගැනීමට නාවික හමුදාව කටයුතු කලේය.

ඒ අතරම එම අනතුර හේතුවෙන් අතුරුදන් වූ ධීවරයෙකු සොයා නාවික හමුදාව විසින් සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමක් සිදු කරමින් සිටී.

අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවට ඇතුළුව ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවර යාත්‍රා ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ සවස් කාලයේදී කටයුතු කරන ලදී.

මෙහිදී නාවික හමුදා යාත්‍රා මඟහැරීම සඳහා ඉතා අනතුරුදායකව යාත්‍රාව හසුරවමින් ආවේගශීලී ලෙස නාවික හමුදා යාත්‍රාවක් සමඟ ගැටීමට සලස්වා නාවික හමුදා යාත්‍රා මඟහැරීමට උත්සාහ කල එක් ධීවර යාත්‍රාවක් මුහුදේ පැවති රළු මුහුදු ස්වාභාවය ද හේතුකොටගෙන සමතුලිතතාවය ගිළිහී පෙරළී යාම හේතුවෙන් මුහුදේ ගිලී ගොස් අනතුරට පත්වී ඇත.

එහිදී වහාම ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නාවික හමුදාව එම අනතුරටපත් ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් දෙදෙනෙකු එම මෙහොතේදීම මුදවා ගැනීමට සමත් වූ අතර, යාත්‍රාවේ සිටි බව කියන තවත් ධීවරයෙකු සොයා මුදවා ගැනීමේ මෙහෙයුමක් ඊයේ සවස් කාලයේ සිට ක්‍රියාත්මක කරන ලදි.

නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් ඇතුළුව වේග ප්‍රහාරක මුර යාත්‍රා සහ වෙරළබඩ මුර යාත්‍රා එම මුහුදු ප්‍රදේශයේ සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමේ නිරතව සිටින අතර, මෙම ගැටීම හේතුවෙන් නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවට ද අලාභහානි සිදුවී ඇති බැවින්, එම යාත්‍රාව කංකසන්තුරය වරාය වෙත ආරක්‍ෂාකාරීව අළුත්වැඩියා කටයුතු සඳහා රැගෙනවිත් තිබේ.

එමෙන්ම මෙම අනතුරට පත් ඉන්දීය ධීවර යාත්‍රාව සම්බන්ධයෙන් අදාල ඉන්දීය බලධාරීන් දැනුවත් කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ෂණ කටයුතු සිදුකෙරේ.

Navy in search and rescue operation to locate missing fisherman on sunken Indian poaching vessel in Sri Lankan waters

Sri Lanka Navy (SLN) managed to rescue 02 fishermen aboard a sunken Indian fishing boat poaching in Sri Lankan waters across the International Maritime Boundary Line (IMBL) northwest of the Kovilan Lighthouse in the evening of 18th October 2021. Further, Navy’s search and rescue operation is still underway to find another fisherman went missing following the incident.

SLN units on patrol were engaged in chasing away Indian fishing trawlers poaching in Sri Lankan waters via the International Maritime Boundary Line (IMBL), in the evening of 18th October. As the said task being put in to practice, one of the Indian fishing trawlers, with aggressive manoeuvres, in resistance of chase away, was on an attempt to evade from the scene making it collided with SLN Craft in operation. In the process it ultimately descended having lost its stability as well as due to the rough sea condition. Springing quickly into action, the Navy managed to rescue 02 fishermen aboard the sunken fishing vessel soon after the unfortunate occurrence and has been engaging in a search and rescue operation since the evening of 18th October to locate another fisherman who is said to be on the sunken fishing vessel.

The search and rescue operation is being augmented by a team of Navy divers, Fast Attack Craft and Inshore Patrol Craft. As one of the SLN Fast Attack Craft was damaged in the collision it has been brought to the Kankesanthurai harbour for repairs.

The development of the incident has been informed to the Indian authorities by the Navy and further investigation into the incident is currently underway.

Post Views: 2
Previous Post

දරුවන්ට අධ්‍යාපනය ලබාදෙමින් තම ඉල්ලීම් දිනාගන්නැයි රාජ්‍ය අමාත්‍ය ලාන්සා ගුරුවරුන්ට කියයි

Next Post

242 වන බඳවා ගැනීමට අයත් කාන්තා ආධුනික නාවිකයින් 67 දෙනෙකු විසිර යති

editor

editor

Next Post

242 වන බඳවා ගැනීමට අයත් කාන්තා ආධුනික නාවිකයින් 67 දෙනෙකු විසිර යති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved