මේ මස 18 වන දින ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් සිදුවන බව විදෙස් මාධ්‍ය පල කිරීමත් සමඟ මෙරට ආරක්ෂාව තර කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
LTTE ත්‍රස්තවාදී සංවිධානය විසින් මැයි මස 18 වන දින ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කර ඇති බවට ඉන්දීය ඔත්තු සේවා උපුටා දක්වමින් ඉන්දියාවේ The Hindu පුවත්පතේ පුවතක් 2022 මැයි මස 13 දින පල කර ඇත.
ඉහත තොරතුරු සබැඳිව මෙරට බුද්ධි අංශ විසින් ඉන්දීය බුද්ධි අංශ වෙතින් කරුණු විමසීමෙන් අනතුරුව එම තොරතුර සාමාන්‍ය තොරතුරක් ලෙස දන්වා ඇති බවත් මේ පිළිබඳව තවදුරටත් විමර්ශනය කර වැඩිදුර තොරතුරුවේනම් ඒවා පිළිබඳව මෙරටට දැනුම් දීමට කටයුතු කරන බව ද දන්වා ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පැවසයි.
කෙසේ වෙතත් මෙම තොරතුර සහ ජාතික ආරක්ෂාව හා සබැඳිව බුද්ධි සහ ආරක්ෂක අංශ වෙත ලැබෙන සියලු තොරතුරු පිළිබඳව නිසි විමර්ශනයන් සිදු කර අදාල ආරක්ෂක අංශ දැනුවත් කර ආරක්ෂාව තර කිරීම සඳහා සියලු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියේය.
‘The Hindu’ newspaper in India has published a report on 13 May 2022 quoting Indian intelligence that the LTTE is planning to launch an attack Sri Lanka on May 18.
After inquiring about the above information, the Indian intelligence services have informed Sri Lanka that the information has been given as general information and further informed that the investigations will be carried out in this regard and action will be taken to inform Sri Lanka about it.
However, the said information and all information received by the intelligence and security forces in connection with national security will be duly investigated and all further steps are taken to strengthen the security while informing the respective security forces on the same.