තිරිඟු පිටි මිල සිඝ්‍රයෙන් ඉහළ යැම හමුවේ රසකැවිලි නිෂ්පාදනය කිරිමේ දි තමන් මහත් ගැටලු රැසකට මුහුණ පා සිටින බව මාතලේ දිස්ත්‍රික්කයේ රස කැවිලි කර්මාන්තයේ නියැලි පිරිස් පවසයි.
කර්මාන්කරුවන් කියා සිටියේ කෝවිඩ් වසංගතය නිසා පසුගිය සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ ආදායම් අහිමි වූ රස කැවිලි නිෂ්පාදන ගෘහ කර්මාන්තකරුවන් මේ වන විට දැඩි අන්ත අසරණ මට්ටමට වැටී ඇති බවය.
ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ රස කැවිලි නිෂ්පාදනයේ ප්‍රධාන අමුද්‍රව්‍ය වන පිටි හිඟය නිසා උත්සව කාලයේ ඉල්ලුමට අනුව රස කැවිලි සැපයිමට නොහැකි තත්වයක් පැන නැගි ඇති බවය.
පවතින පිටි හිඟය නිසා මේ සියලු දෙනාගේම රැකියාවන් තර්ජනයකට ලක් වි ඇති බවත් බේකරි නිෂ්පාදන සහ රසකැවිලි නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වල මිල ගණන් සියයට පනහකටත් වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව ද කර්මාන්තකරුවෝ පවසයි.
රසකැවිලි නිෂ්පාදනය සදහා ප්‍රධාන වශයෙන් යොදා ගැනෙන පොල්තෙල්,මුං ඇට,කවිපි,තල,ඇතුලු අමුද්‍රව්‍ය මිලද සිඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවද ඔවුහු කියයි.
මේ වනවිට එම නිෂ්පාදකයන්ට කිසිසේත් දරාගත නොහැකි මට්ටමට නිෂ්පාදන ද්‍රව්‍ය ඉහළ යාම නිසා මෙම තත්වය ඇතිවී තිබෙන බවත් කැවිලි නිෂ්පාදන අමු ද්‍රව්‍ය මෙවර එමෙන් තුන් ගුණයක් පමණ මිල වැඩිවී ඇති බවත් මේ තත්වය මත ගැස් හිගය ඇතුලු අනෙකුත් දේ හිගවිම මත ද බේකරි නිෂ්පාදනය ඇතුලු අනෙුකත් දේ නිසා ගැටලුකාරි තත්වයක් මතුව ඇති බවද ඔවුහු පවසයි.
මාතලේ මහේෂ් කිර්තිරත්න