• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

Lassana වෙතින් ‘La Treats’ නමින් නවතම කුකීස් එකතුවක්

30 May 2022
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ මල් සහ තෑගි භාණ්ඩ සම්බන්ධ ප්‍රමුඛයා වන Lassana සමූහ ව්‍යාපාරය, ‘La Treats’ සන්නාමය යටතේ නවතම ආකාරයේ ප්‍රණීත කුකීස් එකතුවක් හඳුන්වා දී තිබේ.

‘Treat Yourself’ යන තේමාව යටතේ එන La Treats කුකීස්, චෝකෝ චිප්ස්, රෙඩ් වෙල්වට්, මිල්ක් ඇන්ඩ් මෝල්ට්, ෆෘට් ඇන්ඩ් නට්, බ්ලූබෙරි සහ රේසින් ලෙස සුවිශේෂී රස හයකින් යුතුව වෙළඳපොළට හඳුන්වා දී ඇත. www.lassana.com වෙබ් අඩවියෙන් සහ දිවයින පුරා Lassana ප්‍රදර්ශනාගාර වලින් දැන් La Treats මිලදීගත හැකි වේ.

“අප දිගු කාලයක පටන් ශ්‍රී ලංකාවේ තෑගි භාණ්ඩ ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින සමාගමක්. දේශීය හා විදේශීය පාරිභෝගිකයන් වෙනුවෙන් අප මල්, කේක් සහ තෑගි භාණ්ඩ වර්ග රාශියක් හඳුන්වා දී තිබෙනවා. උසස්ම තත්වයේ නිෂ්පාදන පමණක් හඳුන්වා දීමට අප දරන උත්සාහයේ තවත් පියවරක් වශයෙන්, La Treats සන්නාමය යටතේ නවතම කුකීස් එකතුවක් හඳුන්වා දීමට අප තීරණය කළා. ඉදිරියේදී තවත් මෙවැනි සුවිශේෂී නිෂ්පාදන රාශියක් වෙළඳපොළට හඳුන්වා දීමට අප බලාපොරොත්තු වෙනවා.”Lassana Innovations හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී පේෂල විජේවර්ධන මහතා පැවසී ය.

උසස්ම තත්වයේ අමුද්‍රව්‍ය යොදා නිපදවන La Treats කුකීස් සඳහා කිසිදු ආකාරයක කල්තබා ගැනීමේ ද්‍රව්‍ය භාවිතා නොකරන නිසා බාල මහලු භේදයකින් තොරව කොයිකාටත් මෙම කුකීස් රසවිඳිය හැකි වේ. Lassana සමාගමේ අතිනවීන නිෂ්පාදනාගාරයක, දැඩි තත්ත්වය පාලන ක්‍රමවේදයන් අනුගමනය කරමින් නිපදවන මෙම කුකීස් තෑගි දීමටද ඉතාමත් සුදුසු ය.

“මේ ව්‍යාපෘතිය තුළ අප පර්යේෂණ හා සැලසුම්කරණ කටයුතු රාශියක් සිදුකළා. ශ්‍රී ලාංකිකයන්ගේ එකිනෙකට වෙනස් රුචිකත්වයන්ට ගැළපෙන ආකාරයට සුවිශේෂී කුකීස් අත්දැකීමක් ලබාදීම සඳහා ඉහළම තලයේ කුකීස් එකතුවක් හඳුන්වා දීමට ක්ෂේත්‍රයේ විශේෂඥයන් පිරිසක් දිවා රෑ නොබලා වෙහෙසුණා. La Treats කුකීස් බොහෝ දෙනෙකුගේ හදවත් දිනාගනු ඇති බවත්, ඒ ඔස්සේ La Treats සන්නාමය යටතේ තව තවත් නවෝත්පාදන හඳුන්වා දීමට අපට හැකිවනු ඇති බවත් අප විශ්වාස කරනවා.” පේෂල විජේවර්ධන මහතා මහතා වැඩිදුරටත් පැවසී ය.

වෛද්‍ය ලසන්ත මලවිගේ මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශිෂ්‍යයෙකුව සිටියදී (1998 වර්ෂයේදී) ඔහු විසින් Lassana සමූහ ව්‍යාපාරය ආරම්භ කරන ලදි. මල් සැපයුම් සමාගමක් ලෙස ආරම්භ වූ එම සමාගම ජාත්‍යන්තර තලයේ සේවා ප්‍රමිතීන් හඳුන්වා දෙමින් ක්ෂේත්‍රය පෙරළියකට ලක්කිරීමට සමත් විය. මේ වනවිට ශ්‍රී ලංකාවේ ජනප්‍රියම මල් සැපයුම් සමාගම් බවට පත්වී තිබෙන එම සමාගම, තවත් ක්ෂේත්‍ර කිහිපයක් වෙතද තම ව්‍යාපාර කටයුතු ව්‍යාප්ත කර තිබේ. www.lassana.com වෙබ් අඩවිය ඔස්සේ පාරිභෝගිකයන්ට Lassana සමූහයේ තෑගි භාණ්ඩ, කේක් වර්ග, රසකැවිලි සහ එදිනෙදා අවශ්‍ය කරන භාණ්ඩ වර්ග රාශියක් මිලදීගත හැක.

 

 

Lassana Launches “La Treats” Range of Cookies

Lassana Group of Companies, Sri Lankas premier florist and gifting services provider, has announced the launch of a delicious and innovative range of exclusive cookies to the Sri Lankan market under its own proprietary brand, ‘La Treats’. With the promise of ‘Treat Yourself’, La Treats presently offers six unique flavours for cookie lovers to enjoy. All the amazing new flavours of freshly baked La Treats cookies, including Choco Chip, Red Velvet, Milk and Malt, Mixed Fruit, Blueberry, and Raisin are now available for purchase exclusively at www.lassana.com and all Lassana showrooms, island wide.

Speaking about the launch, Mr Peshala Wijewardena – Chief Operations Officer at Lassana Innovations said, “We’ve been at the forefront of the premium gifting business in Sri Lanka, catering to a myriad of local customers and foreign expats, with an unmatched mix of flowers, cakes and other gifting products and services. Our strong commitment towards offering only the best quality products has driven us to invest in our own confectionary and patisserie, to create amazing products such as La Treats. We look forward to continuing to diversify within the floral and gifting space in Sri Lanka, as Sri Lanka’s premier florist and gifting services conglomerate.”

Consisting of quality and wholesome ingredients, La Treats cookies does not use any preservatives making them the perfect choice for cookie lovers of any age. Manufactured at a state-of-the-art-facility located within Lassana.com’s own world class warehousing facility, using the best ingredients and under the most rigorous quality standards, each pack of La Treats makes for the perfect high-quality gift or indulgence.

Mr. Wijewardena added that, “Lots of research and planning went into this project with industry experts working around the clock with one common objective; to create and deliver an unmatched product and cookie experience to all Sri Lankans, with a guarantee of quality and a unique twist of taste that appeals to different palates. We’re confident that La Treats cookies will win many hearts, and pave the way for many new taste innovations under the La Treats brand in the future.”

The Lassana Group was founded by Dr. Lasantha Malavige (MBBS, DIPM, Ph.D.) during his days as a medical student at the University of Colombo, in 1998. Commencing trade as a florist, Lassana Flora has since revolutionized Sri Lanka’s floral industry through professional service standards, and a devotion to world class quality. Today, the company has grown into one of Sri Lanka’s most-recognized and popular florists, and further diversified its business, through its web portal, www.lassana.com, into gifting services, cakes and confectionary, and numerous daily essentials.

 

Post Views: 1
Previous Post

ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වන්න – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

Next Post

මැලේසියානු රැකියා ඉලක්ක කරගත් පුහුණු මධ්‍යස්ථානයක් කඩිනමින් ආරම්භ කිරීමට පියවර

editor

editor

Next Post

මැලේසියානු රැකියා ඉලක්ක කරගත් පුහුණු මධ්‍යස්ථානයක් කඩිනමින් ආරම්භ කිරීමට පියවර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved