• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

චීනයේ නැව චුන්පාන් වෑන් එකක් නෙමෙයි – ජවිපේ

8 August 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

චීන, ‘යුවාන් වෑන් 5’ නෞකාව සම්බන්ධයෙන් ආණ්ඩුව තමන්ගේ ස්ථාවරය නොකියන්නේ තවත් ජාත්‍යන්තර අර්බුදයකට රට පත්කළ පසුව එකේ වන්දි ගෙවන්න වෙන්නේ රනිල් රාජපක්ෂට නොව අනාගත දරු පරම්පරාවට බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා අද (08) පැවැති මාධ්‍ය හමුවේදී පවසා සිටියේ ශ්‍රී ලංකාව කාලයක් පුරා අනුගමනය කළ නොබැඳි ප්‍රතිපත්තිය වෙනුවට කොමිස් කුට්ටි ගැනීමේ ප්‍රතිපත්ති විතර බවත් ශ්‍රී ලංකාව මෙම චීන නැව පැමිණීම නතර කරනවා නම්, ජාත්‍යන්තරයට ලබාදෙන ආදර්ශය මොකක්ද කියලා චීනය ප්‍රශ්න කරන බවයි.

එම මාධ්‍ය හමුවේදී හදුන්නෙත්ති මහතා මෙසේ වැඩිදුරටත් අදහස් පල කලේය ” ලංකාව මේ වන විට ආර්ථික දරුණු කඩාවැටීමක තිබියෙදී, දේශපාලන අර්බුදයක සහ සමාජ අර්බුදයක තිබියෙදී අලුතින්ම මතුවී තිබෙන්නේ චීනයේ පර්යේෂණ නෞකාව සම්බන්ධ ගැටලුවයි.

මේ නැවට පැමිණීමේ අවසරය ලබාදීම සම්බන්ධයෙන් ඉන්දියාව විරෝධය පළ කරන අතර, රටක් හැටියට අපි අසරණකමකට පත්කරලා තියෙන්නේ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙක් අත්සන් තැබුවා යැයි කියන වගකීමක් නැති ලිපියක් චීන තානාපති කාර්යාලයට ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය විදිහට චීන නැව ලංකාවට පැමිණීම ප්‍රමාද කර දෙන ලෙස ඉල්ලීමේ ලිපියක් වශයෙන් එය ඉදිරිපත් කර තිබෙනවා. රටක් හැරියට අනුගමනය කරමින් තිබෙන රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනුවල දුප්පත්කම නිසා මේ වගේ ලිපියක් ඉදිරිපත් කරන්න සිදුවී තිබෙනවා. අද වෙනකොට ඇමෙරිකානු කථානායකවරිය තායිවානයට යාම සම්බන්ධයෙන් මතුවී තිබෙන තත්වය නිසා චීන දේශපාලනයේ ඇතිවී තිබෙන අර්බුදය තවත් වර්ධනය කරන්න ශ්‍රී ලංකාවේ මේ ප්‍රතිචාරය හේතු වේ යැයි අපි විශ්වාස කරනවා.

චීන නෞකාව ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් මෙරට ජනතාව තුළ සාධාරණ බියක් ඇති වී තිබෙනවා. ඉදිරියේදී බලවතුන් අතර ඇතිවිය හැකි යුදමය තත්වයකදී ලංකාවට අනතුරක් වේ යැයි කල්පනා කරනවා. ඒ වගේම රාජ්‍යතාන්ත්‍රික වශයෙන් චීනය එක්ක සමීප සබඳතා පවත්වාගෙන යනවා. අනික් පැත්තෙන් ඉන්දියාව අපේ අසල්වාසී රාජ්‍යය. ඔවුන් මෑත කාලයේදී ඉන්ධන, ඖෂධ, ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදී තිබෙනවා. රටවල් අතර පවත්නා මිත්‍රත්වය මේ නිසා පලුදුවේ දැයි ප්‍රශ්නයක මතුවී තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් චීනයට යැව්වා යැයි කියන ලිපිය පදනම් කරගෙන ඉන්දීය මාධ්‍ය ප්‍රචාරය කර තිබෙන්නේ චීන, ‘යුවාන් වෑන් 5’ නෞකාවට නොපැමිණෙන ලෙස ලංකාව දන්වා ඇති බවයි. නමුත් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, අගමැති හෝ ජනාධිපති තවමත් එක වචනයක් වත් මේ ගැන ප්‍රකාශ කර නැහැ. ආණ්ඩුව තමන්ගේ ස්ථාවරය කියන්නේ නැහැ. මේ නැව ලංකාවට පැමිණි පසු තවත් ජාත්‍යන්තර අර්බුදයකට රට පත්කළ පසුව ආණ්ඩුවේ ස්ථාවරය කියනවා නම් ඒකේ වන්දි ගෙවන්න වෙන්නේ රනිල් රාජපක්ෂට නොවෙයි. අනාගත දරු පරම්පරාවට. ඒ නිසා මේ නැව ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය දැන්වත් පැහැදිලි කරන්න ඕනෑ. විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් බව කියන නමක් නැති වගකීමක් නැති නිලධාරියෙකු බව කියන පුද්ගලයෙක් යවන කොළ කෑල්ලකින් ඒක කරන්න බැහැ. ජනාධිපති හෝ අගමැති නැත්නම් අඩුම තරමින් විදේශ කටයුතු අමාත්‍යවරයා හෝ ස්ථාවරය කියන්න ඕනෑ.

ඒ කිසිවක් නොකියා මුනිවත රැකීමෙන් අපේ මාතෘ භූමිය බරපතළ අවදානමකට ලක්වී ජාත්‍යන්තර මිත්‍රයින් අහිමි කර ගැනීමක් වෙනවා. මේ සම්බන්ධයෙන් චීන පාර්ශ්වය කර තිබෙන පැහැදිලි කිරීමකට අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ නැවට පැමිණීමේ අවසර ලබාදී ඇති බව කියනවා. 2022 ජූලි 12වැනිදා මෙයට අදාළ එකඟතා ඇතිකර ගත් බව ප්‍රකාශ කර තිබෙනවා. චීනය ඉදිරිපත් කරන තවත් අදහසක් වෙන්නේ ‘2014 යුවාන් වෑන් 3’ කියන මේ ආකාරයේම නැව ලංකාවට පැමිණි බවයි. මෙම පර්යේෂණ නෞකා ජපානය, ඔස්ටේලියාව, සිංගප්පූරුව, ඉන්දුනීසියාව වැනි රටවල වරායන්ට ගොස් ඇති බව ඔවුන් කියා තිබෙනවා. පර්යේෂණ නැවකට අවශ්‍ය ඉන්ධන, ජලය හෝ වෙනත් සැපයුම් ලබාදීම ජාත්‍යන්තර නාවුක භාවිතාව අනුව පිළිගත් කටයුත්තක් බව අවධාරණය කරනවා. ඒ නිසා මෙය සාමාන්‍ය කටයුත්තක් බවත් ඒ නිසා අගෝස්තු 11වැනිදා සිට 17වැනිදා දක්වා හම්බන්තොට වරායේ නතර කර තබන බව දක්වනවා.

අධිතාක්ෂණික උපකරණ නැවක් නිසා ඉන්දීය ආරක්ෂක පද්ධතිය පරික්ෂා කිරීමට සහ දුර්වල කිරීමට පවා තාක්ෂණික හැකියාව ඇති යුද නැවක් හැටියට ඉන්දියාව මෙය පෙන්වා දෙනවා. කිලෝ මීටර් 750ක පමණ දුරක සිට පවා තොරතුරු ලබාගත හැකි උපකරණ නෞකාවේ සවිකර ඇති බව ඉන්දීය මාධ්‍යවල පළවෙනවා. ඒ කරුණ තුළින් ඉන්දියාවේ තර්කය බිඳ වැටීමකුත් ඇති වෙනවා. හම්බන්තොට තිබෙන්නේ ඉන්දියාවට කිලෝ මීටර් 200ක් පමණ දුරකින්. ඒ නිසා හම්බන්තොටට නොපැමිණ වුණත් තොරතුරු ලබාගත හැකිය කියන තත්වය පවතිනවා.

කෙසේ නමුත් මෙම නෞකාවට අවසර දීම මත ඉන්දියාවත්, චීනයත් සමග ශ්‍රී ලංකාව පවත්වාගෙන යන ජාත්‍යන්තර සම්බන්ධතා අර්බුදයකට පත්වී තිබෙනවා. අපේ ආණ්ඩුවේ මුනිවත රැකීම නිසා දැනටමත් හම්බන්තොට දෙසට ගමන් ආරම්භ කර තිබෙන පර්යේෂණ නෞකාව ආපසු හරවනවා කියන එක ගමේ චූන් පාන් වෑන් එක හරවනවා වගේ කාරණයක් නොවෙයි. අපේ රට මේ වගේ තැනකට වැට්ටුවේ වර්තමාන සහ පැවති ආණ්ඩුයි. පසුගිය කාලය පුරාම මෙවැනි අර්බුද ඇතිවන ගනුදෙනු ලංකාවේ භූ පිහිටීම අනුව සිදුකර තිබෙනවා. හම්බන්තොට වරාය චීන ණයවලින් ගොඩනඟා අවසානයේ චීනයටම විකුණුවා. මහින්ද රාජපක්ෂ ණය ගත්තා. රනිල් රාජපක්ෂ චීනයටම විකුණා දැම්මා. චීනය මේ නැව ගේන්නේ ඒ වරායටයි. කොළඹ වරායට මේ නැව ආවා නම්, ප්‍රශ්නය තවත් තීව්‍ර වෙනවා. ලංකාවේ වරායවල් කෑලිවලට කඩා විකුණන විට ජනතාව සහ බුද්ධිමතුන් වගේම දේශපාලන ව්‍යාපාර හැටියට අපිත් උද්ඝෝෂණය කර, මත දක්වා විරෝධය පළ කරනු ලැබුවා. මහින්ද රාජපක්ෂ වගේම රනිල් රාජපක්ෂත් ඒ කිසිම මතයකට ඇහුම්කන් දුන්නේ නැහැ. ඔවුන්ට තිබුණේ ශ්‍රී ලංකාව කාලයක් පුරා අනුගමනය කළ නොබැඳි ප්‍රතිපත්තිය වෙනුවට කොමිස් කුට්ටි ගැනීමේ ප්‍රතිපත්ති විතරයි. ශ්‍රී ලංකාව මේ පැමිණීම නතර කරනවා නම්, ජාත්‍යන්තරයට ලබාදෙන ආදර්ශය මොකක්ද කියලා චීනය ප්‍රශ්න කරනවා. ශ්‍රී ලංකාව මේ ගමන නවත්වන්නේ තුන්වෙනි පාර්ශ්වයක බල කිරීම නිසා නම් ජාත්‍යන්තරයට දෙන ආදර්ශය මොකක්ද කියලා ප්‍රශ්න කරනවා. ඉන්දු-ලංකා ගිවිසුමෙන් ලංකාවට සිදුවුණු බලපෑම් ගැන චීනය මතක් කරනවා.

ඉන්දියාවට යටත් වී ගිවිසුමක් මගින් ඇතිකර ගත් කැළල වගේම තත්වයක් ඉන්දියාවේ බලකිරීම් මත නිර්මාණය කරනවාද කියලා චීනය ප්‍රශ්න කරනවා. රජයක් හැටියට බලපෑම්වලට ලක්වීම කොන්ද කඩා ගැනීමක්. අපේ රටේ වරායවල් තමන්ගේ පටු දේශපාලන හා ආර්ථික වුවමනාවන් නිසා විකුණා දැමීමෙන් මේ වගේ තත්වයක් ඇතිවී තිබෙනවා. අවස්ථාවාදී ලෙස අමන තීරණ ගැනීමේ වැරදි නිසා තිබූ අතීතයේ දිගුවක් හැටියටම මේ වෙලාවෙත් ක්‍රියාකරමින් ඉන්නවා. අපි ජීවත් වෙමින් ඉන්නේ සාමාන්‍ය තත්වයක නොවෙයි. ඩොලර් අර්බුදයකට ලක්වී ජාත්‍යන්තර සහයෝගය අහිමි වුණු දුර්වල රාජ්‍යයක් හැටියට වර්ගීකරණය වූ අවස්ථාවකයි, අපි ඉන්නේ. චීනය සහ ඉන්දියාව සමීපතම ගනුදෙනු කරන රාජ්‍යයන් හැටියට මිත්‍රත්වය පලුදු කර ගතහොත් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය තවත් ප්‍රපාතයට වැටෙනවා. එය වළක්වාගෙන ප්‍රශ්නය බේරා ගැනීමේ වගකීම ආණ්ඩුවට තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාවේ රජය හැටියට ජනාධිපති, අගමැති සහ විදේශ කටයුතු ඇමති මැදිහත් වී අර්බුදයක් ඇති නොවී වළක්වා ගත යුතුයි. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්න ක්‍රියාමාර්ග පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අත්‍යවශ්‍යයි. එසේ නොකරවා නම්, මේ සියල්ලෙන් ඇතිවන අතුරු විපාකවල වගකීම ආණ්ඩුව භාරගන්න ඕනෑ. ‘යුවාන් වෑන් 5’ නෞකාව සම්බන්ධයෙන් ඇතිවී තිබෙන අර්බුදය ගැන අපේ ස්ථාවරය මේකයි.යැයි සුනිල් හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

 

Post Views: 3
Previous Post

චීන සිසුන්ට කොළඹ විශ්වවිද්‍යාලයේ MFEඋපාධිය හැදෑරීමට අවස්ථාව හිමි වේ

Next Post

නව දේශපාලන සංස්කෘතියක්.. පොහොට්ටුව පාස් – ඩි.බී.හේරත්

editor

editor

Next Post

නව දේශපාලන සංස්කෘතියක්.. පොහොට්ටුව පාස් - ඩි.බී.හේරත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved