• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ළමා මිතුරු මාධ්‍යය සංස්කෘතියක් රටට අවශ්‍යයි – ආණ්ඩුකාර ලලිත්

21 August 2022
in දේශීය

ළමා මිතුරු මාධ්‍යය සංස්කෘතියක් රටට අවශ්‍ය බව මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සදහා ඉගෙනුම් ආධාරක කට්ටල ලබා දෙමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා පවසයි.

මධ්‍යම පළාත් මුල් ළමාවිය සංවර්ධන ඒකකය මගින් ක්‍රියාත්මක කරනු ලබන මධ්‍යම පළාතේ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සදහා ඉගෙනුම් කව සංකල්පය හඳුන්වාදීමේ සහ එකී මධ්‍යස්ථාන අතර සමාජ සහජීවනය වර්ධනය කිරීමේ නියමු ව්‍යාපෘතිය තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15ක් අවරණය කරමින් මධ්‍යස්ථාන 80ක් සදහා ක්‍රියාකාරකම් (සෙල්ලම්) පාදක කරගනිමින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සදහා අවශ්‍ය උපකරණ කට්ටල යුනිසෙෆ් ආයතනයේ මූල්‍ය අනුග්‍රහය යටතේ බෙදා දීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයෙදී (18) දින සිදුවිය.

ඉගෙනුම් කව සංකල්පය මගින් හා මෙම ඉගෙනුම් ඉගැන්වීම් උපකරණ භාවිතයෙන් දරුවන් ස්වයං පෙළඹුමකින් යුතුව ඉගෙනුම් ක්‍රියාවලිය තුළින් වැඩි අත්දැකීමක් ලබා ගැනීමටත් එතුලින් නිර්මාණශීලී පරිකල්පනයෙන් යුක්ත දරුවන් බිහිකිරීම අපේක්ෂිතය.

රටේ අනාගතය වෙනුවෙන් දරුවන්ගේ සහජ හැකියාවක් හා ආකල්ප සංවර්ධනය සදහා වන මුල් පියවර තබන්නේ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හරහා බැවින් එම කාර්යය රටේ අනාගතය තින්දු කරණ බවත්, මහපොළවට, රටට ආදරය කරන සංවේදී දරුවන් බිහි කිරීම තුළින් රටට ආදරය කරන ජනතාවක් බිහිවන බවත් ජපානය, චීනය වැනි රටවල් ආදර්ශයෙන් හදුනාගත හැකි නමුත් තම අයිතිවාසිකම් කෙරෙහි පමණක් අවධානය යොමුවූ සමාජ ක්‍රමය තුළ අපේ රටේ දරුවන්ගේ අධ්‍යාපන ක්‍රමය තුලින් රටට, ජාතියට, අනෙකාට, සංස්කෘතියට ආදරය කරන සංවේදී චරිත බිහි නොවු බවත් අනාගතය උදෙසා මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන වල උපදේශක උපදේශිකාවන් වශයෙන් ඒ පිලිබද විශාල වගකීමක් ඇති බවත් මෙහිදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කර සිටියේ රටක් හදන්නත්, රටක් නැති කරන්නත් මාධ්‍යයට හැකියාව ඇති බවත්, මාධ්‍ය ආයතන විසින් ජාතික වගකීමක් වශයෙන් සලකමින් රටේ අනාගතය යහපත් කිරීම සඳහා ළමා මිතුරු මාධ්‍යය සංස්කෘතියක් බිහිකිරීම වත්මනේ රටට අවශ්‍යව පවතින බව යි.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න,පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් මුල් ළමාවිය සංවර්ධන ඒකකයේ අධ්‍යක්ෂ ටි. කේ. ගුණතිලක, පෙර පාසල් උපදේශිකාවන් , රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගිවිය.

 

 

මහේෂ් කිර්තිරත්න

Post Views: 11
Previous Post

සියලුදෙනා එක් කර ගනිමින් රට ගොඩනැගීම තම අරමුණ බව – ජනපති

Next Post

දඬුවම් දෙන පාලනයක් වෙනුවෙන් නව ජනවරමක් අවශ්‍යයි – අනුර දිසානායක

editor

editor

Next Post

දඬුවම් දෙන පාලනයක් වෙනුවෙන් නව ජනවරමක් අවශ්‍යයි - අනුර දිසානායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved