• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජන පීඩක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හකුළා ගත යුතුයි – මන්ත්‍රී විජිත හේරත්

28 March 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ප්‍රජාතන්ත්‍ර විරෝධී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ පනත වහාම හකුළා ගත යුතු බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (28) එම පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී මන්ත්‍රී විජිත හේරත් මහතා මෙසේ අදහස් පල කලේය “අයි.එම්.එෆ්. යෝජනා ක්‍රියාත්මක කරමින් ජනතාවට ජීවත්වෙන්න බැරි දැඩි පීඩාකාරී තත්වයක් දිනපතා ඇති කෙරෙමින් පවතිනවා. ලාභ ලබන රාජ්‍ය ආයතන ඇතුළු රාජ්‍ය ආයතන කුණුකොල්ලයට විකුණන්න පිඹුරුපත් සකස් කර අවසන්. ලාභ ලබන ආයතනත් විකුණන බව ප්‍රසිද්ධියේම කියනවා. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ටෙලිකොම් ආයතනය විශාල ලාභයක් ලබන අතර සේවකයින් දහස් ගණනක් රැකියා කරනවා. ඒ ආයතන විකුණා මේ රටේ ජනතාව තව තවත් පීඩාවට පත්කරන්න පසුබිම හදනවා. ගෙවා ගන්න බැරි ණය අර්බුදය තවත් තීව්‍ර කරමින් අයි.එම්.එෆ්. යෝජනා ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙනවා. ඊට එරෙහිව නැගෙන ජනතා විරෝධය මැඩපවත්වන්න ත්‍රස්ත විරෝධී පනත නමින් ඇත්තටම ප්‍රජාතන්ත්‍ර විරෝධී පනතක් ගැසට් කර තිබෙනවා.

මේ පනතේ ඉතිහාසයක් තිබෙනවා. ජේ.ආර්. ජයවර්ධන 1979යේ අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධි විධාන පනත ගෙනාවේ කෙටි කාලයක් සඳහා බව කියමිනුයි. තාවකාලික විධි විධාන කියලා සඳහන් වුණත් ඒක තාවකාලික වුණේ නැහැ. විවිධ දේශපාලන ක්‍රියාධරයන්, ප්‍රගතිශීලීන්, ආණ්ඩුව විවේචනය කළ මාධ්‍යවේදීන් සහ විවිධ සිවිල් ක්‍රියාකාරිකයින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගන්න මේ පනත පාවිච්චි කළා. මේ පනත පාවිච්චි කර, දහස් ගණනක් අත්අඩංගුවට ගෙන නීති විරෝධීව අවුරුදු ගණනක් රඳවා තබාගෙන සිටියා. රඳවාගෙන සිටි සමහර අය අධිකරණයක නඩු නොපවරා අනීතිකව රඳවාගෙන සිටියා. රට තුළත්, ජාත්‍යන්තරවත් ඊට එරෙහිව විශාල විරෝධයක් පැන නැගුණා. යුරෝපා සංගමය ජී.එස්.පී. ප්ලස් ලබාදීමට නම්, මේ ජන පීඩක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හකුළා ගත යුතු බව පැහැදිලිව කියා සිටියා. රනිල් වික්‍රමසිංහත් ඊට එකඟ වුණා. ඇත්තටම කළ යුතු වන්නේ මේ ජන පීඩක පනත වහාම හකුළා ගැනීමයි.
තමන්ට විරුද්ධව නැගෙන හඬ යටපත් කරන්න බලයේ සිටි සෑම ආණ්ඩුවක්ම මෙම පනත පාවිච්චි කළා. ප්‍රති ත්‍රස්ත පනත 2015 – 2019 කාලයේ හඳුන්වාදීමට ගියත් දැන් ත්‍රස්ත විරෝධී පනතක් ලෙස අද නැවත ගෙනැවිත් තිබෙනවා. ත්‍රස්තවාදයේ වරද පිළිබඳව දී තිබෙන නිර්වචනය අතිශය බරපතළයි. ත්‍රස්තවාදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ යම් අර්ථ දැක්වීම් සහ නිර්ණායක තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත් නිර්ණායකවලටත් විරුද්ධව මේ පනත ගෙනැවිත් තිබෙනවා. මූලික මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ජාත්‍යන්තර සම්මුතියකින් ශ්‍රී ලංකාව බැඳී සිටියත් ඊට එරෙහිව යන නිර්වචන මීට ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව ආණ්ඩුවට එරෙහිව යම් අදහස් දැක්වීමක්, ප්‍රකාශනයක් නිකුත් කිරීමක්, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමක් ත්‍රස්තවාදය යටතට පැවරෙන ආකාරයට අර්ථ දැක්වීම් කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වෙනි වගන්තියේ ඉතා පැහැදිලිව වෘත්තීය සමිති පවත්වාගෙන යාම සහ සාමාජිකත්වය ගැනීම මූලික අයිතිවාසිකමක් හැටියට පිළිගෙන තිබෙනවා. ඒ වගේම 12, 13, 14 වගන්තිවලින් භාෂණයේ, ප්‍රකාශනයේ, නිදහස ආරක්ෂා කර තිබෙනවා.

ඒ වගන්තිවලටත් පටහැණිව මේ කෙටුම්පත සකස් කර, ත්‍රස්තවාදී වරද නිර්වචනය කර තිබෙන්නේ ආණ්ඩුව කරන වැඩක් වැරදියි කීමත්, එය නවත්වන්න කීමත්, ඊට විරුද්ධව යමක් කිරීමත් ත්‍රස්තවාදය යනුවෙනුයි. යෝජිත පනතේ 3(1) වගන්තිය අනුව අත්‍යවශ්‍ය සේවා සැපයීම සම්බන්ධ යම් යටිතල පහසුකම් සැපයීමකට හෝ ප්‍රවාහන පහසුකමකට යම් අලාභ හානි සිදුකිරීම හෝ බාධා ඇති කිරීම වෙනුවෙන් මැදිහත් වීම ත්‍රස්තවාදී ක්‍රියාමාර්ගයක් ලෙස අර්ථ දක්වා තිබෙනවා. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමේදී සාමාන්‍ය තත්වයෙන් සේවා පවත්වාගෙන යන්න බැහැ. මේ වැනි අවස්ථාවක අදාළ වෘත්තීය සමිතියත් එහි ක්‍රියාකාරිකයිනුත් ත්‍රස්තවාදීන් ලෙස නම් කර වසර 20 දක්වා සිරදඬුවම් ලබාදිය හැකි වගන්ති තිබෙනවා. පැහැදිලිවම වෘත්තීය සමිති මර්දනය කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ගෙනත් තිබෙනවා. මේක වැඩකරන ජනතාවට එරෙහිව දැඩි මර්දනයක් දියත් කිරීමට ගෙන ආ පනතක්.

යම්කිසි ආයතනයක වැඩවර්ජනයකට සේවකයන් ඒකරාශී වීමක් ඒ ආයතනයේ ක්‍රියාකාරිත්වයට බාධා කළා යන චෝදනාවලින් ත්‍රස්තවාදියෙකු ලෙස සලකා දඬුවම් කළ හැකියි. වැඩවර්ජනයක් සම්බන්ධයෙන් මුද්‍රිත මාධ්‍යයෙන්, අන්තර්ජාලයෙන් හෝ වෙනත් මාර්ගයක් හරහා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් දැනුවත් කිරීමත් ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස හඳුන්වා තිබෙනවා. මේ අනුව වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් අත්පත්‍රිකා බෙදීම, ට්විටර් පණිවිඩයක් යැවීම, වට්ස්ඇප් පණිවිඩයක් යැවීම, ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස නම්කර තිබෙනවා. 11(8) වගන්තියෙන් ඊට අදාළ ප්‍රතිපාදන දක්වා තිබෙනවා. යම් වෘත්තීය ක්‍රියාමාර්ගයක් පිළිබඳව මාධ්‍යවේදියෙක් වාර්තා කළහොත් ඔහුත් අත්අඩංගුවට ගත හැකියි. 11(1) වගන්තියෙන් දක්වා තිබෙන්නේ ත්‍රස්තවාදී ප්‍රකාශනයක අන්තර්ගත දේ ඉලෙක්ට්‍රෝනික සම්ප්‍රේක්ෂණය කිරීමත් ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස දක්වා තිබෙනවා. ඒ කියන්නේ කවුරුන් හෝ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැන කතා කළොත් එයත් ත්‍රස්තවාදීයෙකු ලෙස නම්කර තිබෙනවා. යම් ක්‍රියාමාර්ගයක් සියලු ජනතාව එකතු වී ගත්තත් ත්‍රස්තවාදී ලේබලය ඇලවිය හැකි වගන්ති තිබෙනවා.

ජනතාව දහස් ගණන් පාලකයන්ට එරෙහිව විරෝධතා දක්වන්න පාරට බැස්ස විවිධ අවස්ථා තිබෙනවා. මේ පනත අනුව ඒ සියලු ජනතාව ත්‍රස්තවාදීන් ලෙස නම් කරන්න පුළුවන්. ඒ වගේම “මෙතෙක් පැවති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග ලබාදිය හැක්කේ ආරක්ෂක ඇමතිවරයාට වුවත් දැන් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුටත් ඒ නියෝග ලබාදිය හැකියි.” ප්‍රතිත්‍රස්ත පනතෙන් රැඳවුම් නියෝග ලබා දිය හැකි කාල සීමාව සති දෙකකට සීමා කර තිබුණා. ඒ කාලය මාස තුනක් දක්වා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට නියෝග ලබාදීමේ අවස්ථාව මේ පනතේ ඇතුළත් කර තිබෙනවා. මේ මාස තුනකට පසුව අධිකරණයේ අනුමැතියක් අරගෙන අවුරුද්දක් දක්වා දීර්ඝ කළ හැකියි. මේ පනත පාවිච්චි කළේම ඇත්ත ත්‍රස්තවාදය මර්දනයට නොවෙයි, ජනතාව මර්දනය කරන්න බව අත්දැකීමෙන්ම අපි දන්නවා. රඳවාගෙන සිටීම ගැන පවුලේ අයට දැනුම් දිය නොහැකි නම්, පොලිස් පොතේ සටහනක් දැමීම ප්‍රමාණවත් බවත්, පොලිස් නිලධාරියෙක්, වෙරළාරක්ෂක නිලධාරියෙක් හෝ සන්නද්ධ සේවාවන්හි නියුක්ත කෙනෙකුටත් යම් පුද්ගලයෙක් ත්‍රස්තවාදියෙක් ලෙස හැඟෙනවා නම් අත්අඩංගුවට ගැනීමේ බලය ලබාදෙන්න ප්‍රතිපාදන තිබෙනවා.

මාධ්‍ය නිදහස අමු අමුවේම උල්ලංඝනය කිරීමත්, මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන බිය ගැන්වීමත් මේ තුළ අඩංගු වෙනවා. ජනාධිපතිගේ තනි කැමැත්තට යම් සංවිධානයක් ත්‍රස්තවාදී සංවිධානයක් හැටියට නම් කිරීමේ හැකියාවක් තිබෙනවා. විධායක ජනාධිපතිගේ අත්තනෝමතික විකාර සිතුවිලි මත සංවිධාන තහනම් කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට මුළුමනින්ම විරුද්ධයි. මේ පනත යටතේ වසන්ත මුදලිගේව අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටියත් කිසිදු වරදක් ඔප්පු කරන්න බැරිව නිදහස් කරන්න සිදුවුණා. මින් ඉදිරියේදී රැඳවුම් නියෝග තමන් විසින් ලබා නොදෙන බව රනිල් වික්‍රමසිංහ කියා තිබුණා. මේ පනත අනුව ඒ නියෝග එයා දිය යුතු නැහැ. නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මේ බලය පැවරීම කියන්නේ ජනතාව මර්දනය කරන්න තිබෙන බලය තවත් ව්‍යාප්ත කිරීමයි. මෙහෙම අත්අඩංගුවට ගන්න අය පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානත් නම් කරන්න ජනාධිපතිවරයාට හැකියි. නීතිපතිවරයාට සිරදඬුවම් ලබාදීමේ අවුරුදු 20ක කාලය පිළිබඳව තීරණය ගැනීමේ හැකියාව ලබාදී තිබෙනවා. අත්අඩංගුවට ගත් කෙනෙකු සම්බන්ධයෙන් නඩු නොපවරා සිටීමේ හැකියාව නීතිපතිට දී තිබෙනවා.

ප්‍රජාතන්ත්‍ර විරෝධී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ පනත වහාම හකුළා ගත යුතුයි. රනිල් වික්‍රමසිංහගේ බලහත්කාරය ජනතාව මත ක්‍රියාත්මක කරන්න අලුත් පනතකින් බලය ගන්න උත්සාහ කරනවා. අයිඑම්එෆ් එකෙන් ලබාදෙන පීඩනයට එරෙහිව නැගී සිටින ජනතාව සහ වෘත්තීය සමිති මර්දනය කරන්න ගෙන එන මේ පනතට විරුද්ධව අපි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා. ශ්‍රේෂ්ඨාධිකරණය, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග, සහ ජනතාව සංවිධානය කරමින් මේ පනතට විරුද්ධව විවිධ ක්‍රියාමාර්ග අපි දියත් කරනවා. මෙය පරාජය කරන්න සංවිධානය වන ලෙස මේ රටේ සමස්ත ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා.යැයි විජිත හේරත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 2
Previous Post

AkzoNobel වෙතින් ‘Mind, Heart and Pocket’ තේමාව යටතේ විශේෂ වැඩසටහන් පෙළක්

Next Post

ආඩියාපුලියන්කුලම පානීය ජල සම්පාදන ක්‍රමය ජනතා අයිතියට පත් කෙරේ

editor

editor

Next Post

ආඩියාපුලියන්කුලම පානීය ජල සම්පාදන ක්‍රමය ජනතා අයිතියට පත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025
අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

9 June 2025
ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

9 June 2025

Recent News

කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025
අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

9 June 2025
ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

9 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved