ගලෙන්බිදුණුවැව පඩිකාරමඩුව විද්‍යාලයට ආසන්නයේ ප්‍රදේශයට කඩා වැදුණු වන අලින් සියයකට ආසන්න රංචුවක් පළවා හැරිමට පැමිණි රිටිගල වනජිවි ආරක්ෂක ස්ථානභාර නිලධාරිවරයාට වන අලියෙකු පහරදිමෙන් ඊයේ (28) පස්වරුවේ මියගොස් ඇති බව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ රිටිගල වනජිවි අඩිවි ආරක්ෂක කාර්යාලයිය ස්ථාන භාර නිලධාරි ,වනජිවි අඩවි ආරක්ෂක මාතලේ කොටුවේගෙදර පදිංචි ප්‍රබෝධ විජේකොන් නැමැති 42 හැවිරිදි තිදරු පියෙකි.
වනජිවි නිලධාරින් විසිදෙනෙකුගේ යුත් කණ්ඩායමක් මෙම වන අලි රංචුව පලා හැරිම සදහා අලිවෙඩි ගසා ඇති බව පොලිසිය පවසයි.
මියගිය වනජිවි නිලධාරියාගේ දේහය මේ වන විට මාතලේ කොටුවේගෙදර නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු සිදු කිරිමට නියමිතය.
මාතලේ මහේෂ් කිර්තිරත්න