• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනපති රනිල් අතර අපේ ගැටුමක් නෑ – මන්ත්‍රී සාගර කියයි

19 June 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනාධිපතිවරයා අතර කිසිදු ගැටුමක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ඒ් මහතා පවසා මේ බව පවසා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ දී අද (19) පැවැති විශේෂ මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

එහිදී සාගර කාරියවසම් මහතා කියා සිටියේ බංකොලොත් දේශපාලඥයින් විසින් ඇතැම් මාධ්‍ය මගින් ජනපති හා සිය පක්ෂය අතර ගැටුම් පවතින බව අසත්‍ය ප්‍රචාර නිකුත් කිරීමට කටයුතු කරන බවයි.

යම් යම් ඉල්ලීම් මත පදනම්ව මේ රටේ ජනතාවට ලැබිය යුතු වරප්‍රසාද නැතිකිරීමට තරම් පහළ තැනකට කටයුතු කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් නැතැයි පෙන්වාදෙන ඒ මහතා පක්ෂයට ලැබිය යුතු දෑ නොලැබුණ ද රටේ මහජනතාවට ලැබිය යුතු දෑ ලබාදීම වෙනුවෙන් සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවද ඒ සඳහා සෑම අවස්ථාවකම ජනාධිපතිවරයා සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවද පෙන්වාදෙයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතීඥ සාගර කාරියවසම් මහතා, “අති නවීන පහසුකම්වලින් සමන්විත මේ මාධ්‍ය මධ්‍යස්ථානය මීට වසර එකහමාරකට පමණ පෙර ඉදිකිරීම් අවසන් කළා. නව තාක්ෂණය යොදා ගනිමින් අලංකාර ලෙස මේ ශාලාව නිර්මාණය කළත් අරගලය මුවාවෙන් පැමිණි අනුන්ගේ දේශපාලන මතයක් පිළිගන්න අකමැති පිරිසක් විසින් විනාශ කළා. පසුව එය නැවත වරක් ප්‍රතිසංස්කරණය කරන්න පියවර ගෙන තිබෙනවා. අද මේ පළමු මාධ්‍ය හමුව වෙනවා. පසුගිය දිනවල පිළිගැනීමට ලක්නොවූ මාධ්‍යවල අපේ පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය මෙන්ම ජනාධිපතිවරයා සම්බන්ධයෙන් විවිධ කාරණා සදහන් කළා. එම ප්‍රචාරයන් සිදුකළ ආකාරයෙන් අපේ පක්ෂය සහ ජනාධිපතිවරයා අතර කිසිදු විරසකයක් නැහැ. මේ ජනාධිපතිවරයා බිහි කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපි එකතුවෙලයි. අපි ඒ අවස්ථාවේ පක්ෂයක් ලෙස තීරණයක් ගත්තා. මේ රට ආගාධයකට වැටී තිබුණා. නිදහසින් පසුව මේ කලාපයේ ප්‍රජාතන්ත්‍රවාදය රැකී තිබුණේ රටවල් දෙකක පමණයි.

ඒ ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පමණයි. හමුදා පාලනයකට හෝ ඒකාධිපති පාලනයකට යටත් වී නැහැ. ශ්‍රී ලංකාව ඒ ව්‍යසනයට ගොදුරු වේදැයි සැකයක් තිබුණා. ඒ අවස්ථාවේ අපේ මූලික උත්සාහය වුණේ මේ රටේ සියලු පුරවැසියන්ට තමන් දරණ දේශපාලන මතය අනුව දේශපාලනය කරගෙන යාමේ නිදහස සුරක්ෂිත කිරීමයි. ඒ නිදහස තිබුණේ නැහැ. යම්කිසි දේශපාලන මතයක් දැරීම කියන කාරණය මතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 76 දෙනෙකුගේ නිවාස ගිනි තිබ්බා. ඊට අමතරව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඇතුළු විවිධ දේශපාලඥයන් 600 ට වැඩි පිරිසකගේ නිවාස විනාශ කළා. තමන් දරණ දේශපාලන මතය නොදැරීම කියන හේතුව පමණයි මේ පහරදීම් හා ගිනිතැබීම් වලට යොදා ගත්තේ. එවැනි තත්ත්වයක් මේ රටේ තිබුණා 1977 වර්ෂය දක්වා. 77 වසරේ දී විරුද්ධවාදීන්ගේ නිවාස ගිනිතැබූ ආකාරය දැක්කා. රජයන් මාරුවන විට විරුද්ධවාදීන්ගේ නිවාස ගිනිබත් කළා. පහර දුන්නා. ඔවුන්ට භෞතිකව පහර දුන්නා.

මෙවැනි දේශපාලන සංස්කෘතිය ඉතාම ම්ලේච්ඡ තත්ත්වයක් වෙනවා. නමුත් 2005 වසරේ දී බලයට පැමිණි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ පැවැති විරුද්ධවාදීන්ට පහරදීමේ සංස්කෘතිය අවසන් කළා. නමුත් ඉතාම අවාසනාවකට යළිත් ඒ දේශපාලන සංස්කෘතිය ඉස්මතු කරන්න අරගලය සහ අරගලයට දායක වූ දේශපාලන පක්ෂ මුල් වී තිබෙනවා. එය ඉතාම කණගාටුදායක තත්ත්වයක්. අපි පක්ෂයක් ලෙස කල්පනා කරන්නේ මේ රටේ සියලු දෙනාටම නිදහසේ දේශපාලනය කිරීමේ අයිතිය හා අවශ්‍යතාවය ලබාදිය යුතු වෙනවා. මේ රටේ ආර්ථිකය නිසි පරිදි කළමනාකරණය කිරීමට අපේ පක්ෂයෙන් පත්වූ ඇතැම් අය සමත් වුණේ නැහැ. ඒ කාරණා හේතුවෙන් අපි පක්ෂයක් ලෙස තීන්දු කළා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා වශයෙන් පත් කරන්න. අපි ගත්ත තීරණය නිවැරදියි කියා පක්ෂයක් වශයෙන් අදටත් අපි සිතනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් නැවතත් මේ රටේ නීතියේ ආධිපත්‍යය ඇතිකරලා මේ රටේ සියලු දෙනාට තමන් දරණ මතයක් අනුව දේශපාලනය කරගෙන යාමේ නිදහස දී තිබෙනවා.

ඒ ගැන අපි ස්තුතිය පිරිනමනවා. ඉන්ධන, ගෑස් ආදී පෝලිම් පැවැති තත්ත්වයන් අවසන් කරන්න පියවර ගෙන තිබෙනවා. මේ රටේ ආර්ථිකය කිසියම් ආකාරයකින් කළමනාකරණය කරන්න ජනාධිපතිවරයා සමත්ව තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා පත්කිරීමට අවශ්‍ය කටයුතු, පසුබිම සකස් කළේ පක්ෂයක් වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම, නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීම හා ආර්ථික කළමනාකරණය යන කාරණාවල දී අපි ජනාධිපතිවරයාට හැමවිටම සහාය ලබාදෙනවා. පසුගිය සතියේ ඇතිවුණු තත්ත්වය සම්බන්ධයෙන් වැරැදි මත පළවුවත් එවැන්නි තත්ත්වයක් සිදුවුණේ නැහැ. පක්ෂයේ අභ්‍යන්තර කැඳවීමක් සම්බන්ධයෙන් ගැටළුවක් තිබුණා. ජනාධිපතිවරයාට කැබිනට් ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් කැඳවීමේ අයිතිය තිබුණාට අපේ පක්ෂයේ නිලධාරීන් කැඳවීමේ අයිතිය තිබෙන්නේ අපේ පක්ෂයටයි. අපි ඒ ගැන ජනාධිපතිවරයාට දැනුම් දුන්නා.

එතුමා ඒක පිළිගත්තා. ඒ අනුව ඉදිරියේදීත් රට ඉදිරියට ගෙනයාමේ දී ගන්නා තීන්දුවලට අපි පක්ෂයක් ලෙස සියලු සහාය ලබාදෙනවා. ඉතාම සුහඳව ඒ සාකච්ඡා පැවැත්වුණා. අපි පෙර පරිදිම පක්ෂය සහ ජනාධිපතිවරයා සහයෝගයෙන්, සුහඳව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ රටේ ආර්ථික වර්ධනය වෙනුවෙන් කටයුතු කරනවා. විවිධ වෙබ් අඩවි සහ බංකලොත් දේශපාලඥයන් හුවා දක්වන්න උත්සාහ කළා අමාත්‍යධූර සම්බන්ධයෙන් ඇතිවූ ප්‍රශ්නයක් කියලා. ඒ කිසිඳු සාකච්ඡාවක අමාත්‍යධූර සම්බන්ධයෙන් වචනයක් හෝ සාකච්ඡා කළේ නැහැ. ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස විසඳා ගත් අභ්‍යන්තර ගැටළුවක් මිස මෙය දේශපාලන කුණාටුවක් නොවෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් ජනාධිපතිවරයාත් මේ රට වෙනුවෙන්, ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් ගතයුතු සියලු ක්‍රියාමාර්ග ඉතාම සහයෝඟයෙන් ගන්නවා. අමාත්‍යධූර සම්බන්ධයෙන් අපේ ස්ථාවරය පිළිබඳව අපි ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දුන්නා.

අපේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට යම්කිසි වගකීමක් පැවරීම පිළිබඳව අපි දැනුම් දුන්නා. එය අපේ පක්ෂයේ ඉල්ලීම කිවුවා. ඒ ඉල්ලීමේ වරදක් දකින්නේ නැහැ. අපේ රටේ ජනතාව බලය ලබාදුන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පත්වූ ජනාධිපතිවරයාට ලක්ෂ 69 ක් ඡන්දය දුන්නා. අලුතින් පක්ෂයක් ලෙස බිහිකරලා ඒ පක්ෂය අපේ රටේ ජනතාව අතරට ගෙන ගොස් ජනතාව දැනුවත් කර ඔවුන්ට පක්ෂයේ වැඩපිළිවෙල කියා දෙන්න අපේ පක්ෂයේ නායකයන් පියවර ගත්තා. ඒ මහන්සිය වුණේ අපේ දිස්ත්‍රික් නායකයින්. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඒ ඒ දිස්ත්‍රික්කවල වැඩිම මනාප ලබා තිබෙනවා. මේ රජය පැවතීමේ බලය සහ ජනාධිපතිවරයා අත්විඳින බලය ලබාගැනීම වෙනුවෙන් විශාල කැපවීමක් කළ, විශාල ජනතා ප්‍රසාදයට ලක්වූ පිරිසක් වෙනුවෙන් අපි ඒ ඉල්ලීම කළා. ඒ ඉල්ලීමේ වරදක් දකින්නේ නැහැ. ඒ ඉල්ලීම නිවැරැදියි. ඒ අවස්ථාවේ ඉල්ලීම කළ පසුව තීන්දු ගැනීමේ අයිතිය ජනාධිපතිවරයාට පැවරෙනවා.

ඒ ඉල්ලීමට අනුව කටයුතු කරනවා ද නැද්ද යන්න ජනාධිපතිවරයා සතු වෙනවා. එවැනි ඉල්ලීමක් මත පදනම්ව මේ රටේ ජනතාවට ලැබෙන්න තිබෙන වරප්‍රසාද නැතිකිරීමට තරම් පහළ තැනකට කටයුතු කරන්න අපේ පක්ෂය සූදානම් නැහැ. අපේ පක්ෂයට ලැබෙන්න ඕන දේ නොලැබුණත් ජනතාවට ලැබෙන්න ඕන දේ වෙනුවෙන් අපි ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වෙනුවෙන් සහයෝගයෙන් කටයුතු කරනවා. අපේ මන්ත්‍රී කණ්ඩායමේ බලාපොරොත්තු අසාධාරණ නැහැ. ජනාධිපතිවරයාට බලයට එන්න අවශ්‍ය පසුබිම නිර්මාණය කළේ ද ඔවුන් වෙනවා. ගම් මට්ටමින් බලය ගොඩනැඟුවා. ජනතාව වෙනුවෙන් ප්‍රමාණවත් සේවයක් කරන්න ඕන කියන මතයේ ඉන්නවා. කෙසේ වුවද මේ තත්ත්වය සහ පක්ෂයක් ලෙස රටේ ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග අතර සම්බන්ධයක් නැහැ. විකාශන අධිකාරී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අපේත් අවධානය යොමුව තිබෙනවා. පක්ෂයක් සම්බන්ධයෙන් ඒ ගැන කතා කළා.

මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් දැඩිව පෙනී සිටින පක්ෂයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. මේ රටේ මාධ්‍ය නිදහස වෙනුවෙන් කැපවෙනවා. පුද්ගලයන් ලෙසත් අපි මාධ්‍ය නිදහස වෙනුවෙන් කැපවෙනවා. හැමෝටම මාධ්‍ය නිදහස ගැන කතා කරන්න මතක් වෙන්නේ විරුද්ධ පක්ෂයට ගියාම. නමුත් අපි ආණ්ඩු පක්ෂයේ සිටම ඒ වෙනුවෙන් කතා කරනවා. මේ රටේ මාධ්‍ය නිදහස තිබිය යුතු වෙනවා. නමුත් මාධ්‍ය නිදහස නියාමනය දැනටත් යම්කිසි මට්ටමකින් සිදුවෙනවා. ලෝකයේ අනෙකුත් රටවල් දෙස බලනවිට යම්කිසි නියාමනයක් තිබෙනවා. මේ නියාමනය කරන්නේ මාධ්‍ය නිදහස මර්දනයට නොවෙයි. සමාජය වඩාත් ඉහළ තැනකට ඔසවා තබනන්නයි. නමුත් මේ නියාමනය මාධ්‍ය මර්දනය වෙනුවෙන් යැයි හැගෙන්නේ නම් ඊට විරුද්ධව නැගී සිටිනවා. නමුත් සමාජය ඉහළට ඔසවා තබන නියාමනයක් වෙනුවෙන් අපි සහාය ලබාදෙනවා. පසුගිය දිනවල ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු ඉවත් කළා. නමුත් පක්ෂයක් ලෙස අපි ඒ සම්බන්ධයෙන් විරෝධයපෑමක් කළේ නැහැ.

ඇතැම් වෙබ් අඩවි විවිධ මත ඉදිරිපත් කර තිබෙනවා. පසුගිය කාලයේ දිගින් දිගටම ඒ ඒ පළාත්වල මන්ත්‍රීවරු ප්‍රකාශ කළේ අදාළ ආන්ඩුකාරවරුන් සමඟ කටයුතු කිරීම අපහසුයි කියලා. ආණ්ඩුකාර තනතුර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නිර්මාණය කළ ආණ්ඩුකාර තනතුරට එහා ගිය ආණ්ඩුකාර තනතුරක් අද ක්‍රියාත්මක වෙනවා. ව්‍යවස්ථාවෙන් මේ තනතුරක් නිර්මාණය කර තිබෙන්නේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා වශයෙන් අදාළ පළාතේ කටයුතු කිරීමටයි. නමුත් අද වනවිට පළාත් සභා මැතිවරණය අතුරුදන් කර තිබෙන තත්ත්වයක් තුළ පළාතේ සියලු කැබිනට් ඇමැතිවරුන්ගේ බලය ක්‍රියාත්මක කරන්නේ ආණ්ඩුකාරවරයා හරහායි. ඔහු විශාල දේශපාලන භූමිකාවක් කරන්න සිදුවෙනවා. එවැනි තත්ත්වයක් තුළ අපේම මන්ත්‍රීවරු දිගින් දිගටම ජනාධිපතිවරයාට පැමිණිලි කළා. මේ තත්ත්වය යටතේ ජනාධිපතිවරයා ගත් තීන්දුවක් මිස හිතූ මනාපෙට ගත්ත තීන්දුවක් නොවේ. මහජන නියෝජිතයන්ගේ අදහස්වලට කන්දීමෙන් අනතුරුව මෙවැනි තීරණයක් ගෙන තිබෙනවා” යැයි සදහන් කළේය.

Post Views: 5
Previous Post

පාසල් හැරගිය දරුවන් වෘත්තීය පුහුණුවට යොමු කිරීමට පියවර

Next Post

ජාත්‍යන්තරය ඉදිරියේ අමනෝඥ තීන්දු තීරණ ගන්න එපා- විපක්ෂනායක සජිත් කියයි

editor

editor

Next Post

ජාත්‍යන්තරය ඉදිරියේ අමනෝඥ තීන්දු තීරණ ගන්න එපා- විපක්ෂනායක සජිත් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved