• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බ්‍රිතාන්‍ය-ශ්‍රී ලංකා සබඳතා ප්‍රවර්ධනය ගැන අගමැතිගෙන් පැසසුම්

19 June 2023
in දේශීය

ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර මිත්‍ර සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා දරන අඛණ්ඩ උත්සාහය වෙනුවෙන් ධුරයෙන් සමුගන්නා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මියට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ස්තූතිය පුද කළේය.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (19) අරලියගහ මන්දිරයේ දී මහ කොමසාරිස්වරිය හමු වූ අවස්ථාවේදීය.

ශ්‍රී ලංකා සහ බ්‍රිතාන්‍ය ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරනුවස් මහ කොමසාරිස්වරිය ගත් නොපසුබට උත්සාහය ප්‍රශංසනීය බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

එක්සත් රාජධානිය මගින් ලබා දෙන “සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමය (DCTS) යන තේමාව දරන GSP (වරණීය වෙළඳ) යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභී රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කිරීමට එක්සත් රාජධානිය විසින් ගන්නා ලද තීරණය පිළිබඳ අග්‍රාමාත්‍යවරයා සිය සතුට පළ කළ අතර එමගින් ශ්‍රී ලාංකේය අපනයන 92 % ක් සඳහා තීරු බදු සහන හිමි වීමට නියමිතය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සහ IMF අරමුදල් පහසුකම ලබාදීමෙන් පසු එක්සත් රාජධානිය විසින් නව ආයෝජන ව්‍යාපෘති ආරම්භ කරනු ඇතැයි ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා අධ්‍යාපන, බැංකු සහ මූල්‍ය සේවා, තොරතුරු තාක්ෂණ/ව්‍යාපාර කළමනාකරණය, සෞඛ්‍ය සේවා, හෝටල් සහ සංචාරක ව්‍යාපාරය වැනි අංශවල සිදුකරන එක්සත් රාජධානි ආයෝජන වැඩිකරන ලෙස මෙහිදී ආරාධනා කළේය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා ද සහභාගී විය.

 

 

Post Views: 16
Previous Post

ජාත්‍යන්තරය ඉදිරියේ අමනෝඥ තීන්දු තීරණ ගන්න එපා- විපක්ෂනායක සජිත් කියයි

Next Post

විකාශන අධිකාරි පනත මාධ්‍ය මර්දනය කරන්නේ නෑ – රාජ්‍ය අමාත්‍ය රෝහණ

editor

editor

Next Post

විකාශන අධිකාරි පනත මාධ්‍ය මර්දනය කරන්නේ නෑ - රාජ්‍ය අමාත්‍ය රෝහණ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved