• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජවිපේ තමා මෙරට ව්‍යාපෘති අඩාල කලේ.. එකේ ප්‍රතිඵල අද අත්විදිනවා – මහලේකම් සාගර

7 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනතා විමුක්ති පෙරමුණ එදා සාම්පූර්, උමාඔය ව්‍යාපෘති අඩාල කිරීම හේතුවෙන් වත්මනයෙහි අනිටු ප්‍රතිපලයන් අප අත්විදින බවත් එම හේතුවෙන් බලශක්ති අර්බුදයකට මුහුණදී ඇති බව ද පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (07) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා, “ පසුගිය අරගලයෙන් පස්සේ අපිට විවිධ කතා කිව්වා. පක්ෂයක් හැටියට අපේ ශක්තිය ගැන අභියෝග කළා. අපි දැන් මේ සියල්ලටම නිසිපරිදි පිළිතුරු දෙමින් සිටිනවා. නැවත වතාවක් මේ රටේ ජනතාව ඔප්පුකරලා තිබෙනවා ඔවුන් ඉන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටට ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති සමඟයි කියලා. ඒ වගේම ඉතාම ශක්තිමත්ව අපේ පක්ෂය සමඟ එකතුවෙලා ඉන්නවා කියන පණිවිඩය මේ වන කොට රටට දෙමින් සිටිනවා. ඒක නිසා අපි නැවත වතාවක් පක්ෂයක් විදිහට අවධාරණය කරනවා උඩින් ඔලුගෙඩි මාරු වුණාට මහජන නියොජිතයින් හැටියට පත්වෙච්ච අය මොන තීරණ ගත්තත් පහළ සිටින මහජනතාව අදටත් ඉතාම ශක්තිමත්ව බැදිලා සිටින්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටට ඉදිරිපත් කරපු ජාතිකවාදි ප්‍රතිපත්ති මාලාව සමඟයි. ගොවීන්ට ජලය සැපයීම සම්බන්ධයෙන් ඉතා ප්‍රශ්නයක් ඇතිවෙලා තිබෙනවා. දැඩි ඉල්ලුමක් තිබෙනවා සමනළ ජලාශයේ තිබෙන ජලය මුදාහරින්න කියලා. මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සමඟත් සාකච්ඡා කළා. මම හිතන්නේ එතන තිබෙන්නේ විදුලිබලය ලබාදීම සහ ගොවියාට ජලය ලබාදීම අතර ඇති වෙච්ච ප්‍රශ්නයක්. මෙහිදි විශේෂයෙන් විදුලිබලය කියන කොට ජනාධිපතිතුමා ප්‍රකාශ කර සිටියා ඉන් ඔබ්බබට ගිය ප්‍රශ්නයක් තිබෙනවා කියලා. බොහෝම අමාරුවෙන් මේ රටේ සංචාරක ව්‍යාපාරය ඉහළට නංවාගෙන එද්දි නැවතවතාවක් මේ රටේ විදුලිය කැපීමට සිදු වුනොත් එය කොයි ආකාරයට සංචාරක ව්‍යාපාරයට බලපායි ද? ඒ අනුව දීර්ඝකාලීනව අපිට ඇතිවිය හැකි ආර්ථික අපහසුතා මොනවාද කියන කාරණය සම්බන්ධයෙන් ගැඹුරින් සළකා බැලිය යුතුයි කියන කාරණය. කෙසේ වුණත් මෙහිදි පක්ෂයක් හැටියට කාරණා දෙකක් කියන්න ඕන. පළමුව අද මේ ගොවියන් සමඟ එළියට බැහැලා දගලන , කෑගහන ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ නියෝජිත මහතාට කියන්න කැමති මේ රටේ මේ ප්‍රශ්නය ඇති කළේ ඔබතුමන්ලා. මේ රටේ ජනන සැලැස්මක් තිබුණා. මේ ජනන සැලැස්මට අනුව මේ සාම්පූර් විදුලිබලාගාරය සහ උමාඔය විදුලිබලාගාර දෙක සාදා නිමකරන්න තිබුණේ මීට අවුරුදු 04ට කලින්. නමුත් ඔබලා අධිකරණයට ගිහිල්ලා සාම්පූර් විදුලිබලගාරය හදන එක නතර කළා. ඒ වගේම උමාඔයේ හිලක් තිබෙනවා කියලා මේ රටේ ජනතාවට බොරු කියලා ඒ උමාඔය කියන ව්‍යාපෘතියත් නතර කළේ ජනතා විමුක්ති පෙරමුණේ ඔබතුමන්ලා. එහි තිබෙන අනිටු ප්‍රතිපලයක් තමයි මේ අපි අත්විදින්නේ. ඒ නිසා තමයි මේ රටට බලශක්ති අර්බුදයකට මුහුණදෙන්න වෙලා තිබෙන්නේ. අපි රටක් හැටියට මේ විදුලිබලය නැතිව ලතවෙන ජාතියක් බවට පත්වෙලා තිබෙන්නේ අද ගොවියන් සමඟ පාරට බැහැලා කෑ ගහන ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් එදා සාම්පූර් විදුලිබලාගාරය නතර කරන්නත් උමා ඔය කටයුතු අඩාල කරන්නත් සිදුකරපු ක්‍රියාදාමය නිසා. ඔවුන්ට මේ සම්බන්ධයෙන්, ගොවියන් වෙනුවෙන් කතා කරන්න අයිතියක් නැහැ. ගොවින් වෙනුවෙන් කතා කිරීමේ අයිතිය ඔවුන් නැතිකරගෙන ගොඩක්කල්. කෙසේ වුණත් අපි පක්ෂයක් හැටියට මේ අවස්ථාවේ රජයෙන් ඉල්ලා සිටිනවා අපේ රටේ ජිවනාලිය වෙන්නේ ගොවිජනතාව, ඒක නිසා ගොවිජනතාව වෙනුවෙන් මේ අවස්ථාවේදී ගතයුතු තීන්දු තීරණ ගන්න. ගොවියන්ට ජලය දිලා මේ රටට බත සපයන මේ රටේ ආර්ථිකය වෙනුවෙන් හැමදාම නැගි සිටින ගොවිජනතාව ආරක්ෂා කිරීම රජයේ වගකීමක් වෙනවා කියන එක තමයි අපේ පක්ෂයේ මතය. ”යනුවෙන් මන්ත්‍රී සාගර කාරියවසම් මහතා මෙහිදි සඳහන් කළේ ය.

Post Views: 2
Previous Post

උමා ඔය ජල විදුලි ව්‍යාපෘතිය ළඟදීම ක්‍රියාත්මක කෙරේ- ඉරාන තානාපති, අගමැති හමුවේ කියයි

Next Post

ඊශ්‍රායලයේ සාත්තු සේවා සදහා මේ වසරේදී පමණක් ශ්‍රමිකයින් 241 දෙනෙක් යවලා – ඇමැති මනුෂ

editor

editor

Next Post

ඊශ්‍රායලයේ සාත්තු සේවා සදහා මේ වසරේදී පමණක් ශ්‍රමිකයින් 241 දෙනෙක් යවලා - ඇමැති මනුෂ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

7 July 2025
‘මැරෙනවා’  ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

‘මැරෙනවා’ ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

7 July 2025
දුෂ්කර පළාත්වල පාසල් සඳහා මූල්‍ය පහසුකම් වැඩිවශයෙන් ලබා දීමට පියවර

දුෂ්කර පළාත්වල පාසල් සඳහා මූල්‍ය පහසුකම් වැඩිවශයෙන් ලබා දීමට පියවර

7 July 2025
වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !

වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !

7 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

7 July 2025
‘මැරෙනවා’  ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

‘මැරෙනවා’ ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

7 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved