සූර්ය එළියෙන් විදුලිය ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ විදුලිය ලබාදීම සඳහා අඩක් නිමකළ නිවාස 11,000 ක් මේ වන විට තෝරාගෙන අවසන් බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති 15 කින් මෙම නිවාස 11,000 තෝරාගෙන තිබේ. මෙම ව්‍යාපෘති 2015 – 2019 අතර කාලයේ ක්‍රියාත්මක වු ඒවායි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය හා විදුලිබල හා බලශක්ත අමාත්‍යාංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.
මෙහිදී අඩක් නිමකළ අඩුආදායම්ලාභී නිවාස 25,000 ක් තෝරා ගෙන අදාළ නිවාස ඉදිකර සූර්ය පැනල සවි කර දීමට යෝජනා කර තිබීණි. මේ වන විට තෝරා ගෙන ඇති අඩක් නිමකළ නිවාස 11,000 අමතරව තවත් නිවාස 14,000 ක් තෝරා ගැනීම ද මේ දිනවල සිදුවෙයි.
මෙම ව්‍යාපෘතිය මගින් නිවාස 25,000කට විදුලිය ලබාදීමට අමතරව ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 500 ක පුනර්ජනනීය බලශක්තියක් එකතු කිරීමට ද අපේක්ෂිතය. ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 650 ක පමණ සෘජු ආයෝජනයක් සිදු කෙරේ.
ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 400කට වැඩි මුදලක් ව්‍යාපෘතියේ දේශිය සැපයුම් සඳහා යොදා ගැනෙන අතර ඉතුරු මුදල ව්‍යාපෘතියේ විදේශීය ආනයන කටයුතු සඳහා යෙදීවීමට අපේක්ෂිතය.