• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනිවාර්යයෙන්ම ජනාධිපති මැතිවරණයක් පැවැත්විය යුතුයි – මන්ත්‍රී රෝහිත

25 October 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වශයෙන් ඉදිරි මැතිවරණවලට ඉදිරිපත් වන අතර ජයග්‍රහණය පරාජය ප්‍රශ්නයක් නොව ප්‍රජාතන්ත්‍රවාදි ලෙස මැතිවරණය පැවැත්වීම අනිවාර්යය බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (25) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා, “නොවැම්බර් මාසයේ 13 වන කොට 2024 වර්ෂයේ අයවැය යෝජනාවලිය ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මේ අයවැය යෝජනාවලි දිහා බලලා ඒ අයවැය යෝජනාවලියෙන් රටේ අමාරුවෙන් ජිවත්වෙන ජනතාව වෙනුවෙන් මොනයම් හෝ සහන ලබාදීම සම්බන්ධයෙන් දැඩි අවදානයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් විදිහට මේ අවස්ථාවේ ජනතාව වෙනුවෙන් යොමු කරනවා. මේ වත්මන් තත්වය වන කොට විදුලිබිල වැඩිවීම සම්බන්ධයෙන් ජනතාව ඉතාම අසිරුතාවයකට පත්වෙලා තිබෙනවා. ජනතාව විතරක් නොවේ අපි නොදැනුවත්ම රටේ ආර්ථිකයට ද බලපානවා. සුළු පරිමාණයේ කර්මාන්තකරුවෝ, මහා පරිමාණයේ කර්මාන්තකරුවෝ, ස්වයං රැකියාවක නියැලෙන පුද්ගලයන් සිටිනවා. ඒ පිරිසගේ විදුලිබිල සාමාන්‍යයෙන් සියයට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගිහින් තිබෙනවා. මෙය මහා භයානක තත්වයක්. ඒ වගේම ගෘහස්ථව සිටින ජනතාවට මේ විදුලිබිල විශාල ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. අපි පැහැදිලිව දකින්නේ රජයක් හැටියට මේ විදුලි බිල වැඩිවීම සම්බන්ධයෙන් ගන්නාවූ තීන්දු තීරණ ගැනීමේදී රජයක් හැටියට මොනයම් හෝ වෙන ක්‍රමවේදයක් බැලිය යුතුයි. අපි පක්ෂයක් හැටියටත් යෝජනා කරනවා. මේ අයවැය යෝජනාව ඉදිරිපත් කළ පසු ජනාධිපතිතුමා සමඟ සහ කැබිනට් මණ්ඩලයත් සමඟත් පක්ෂයක් විදිහට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඒ සම්බන්ධව. IMF එක කියන විදිහට මේ සියල්ලම කරන්න ගියොත් අවසානයේ අපිට ණය ලැබෙනකොට රටේ ජනතාව බාගෙට මැරිලා තියෙයි. අවසානයේ ණය ගේනකොට ජනතාව භාගෙට මරලා රටත් මරලා IMF එක අරගෙන වැඩක් නැහැ. ඒ නිසා අපි දැනගන්න වෙනවා IMF එක කියන කොන්දේසි ඔක්කෝම සපුරලා රටේ ජනතාව භාගෙට මරලා රටක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා පැහැදිලි ලෙස අපි කියන්නේ රජයක් හැටියට මේ අයවැයෙන් ජනතාවට සහන ලබාදෙන්න. ඉගියක් දැනෙනවා රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩිවෙනවා කියලා. රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩිවෙනවා නම් හොඳයි. නමුත් මේ පඩි වැඩිකිරීම හිතනවනම් මෙය තමයි පිළිතුර කියලා නමුත් අපිට තිබෙන අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩුකර ගන්න ක්‍රමයක් තිබෙනවා නම් ඒ වගේම රටට ආදායම් එකතු කිරීම් පිළිබඳව සලකා බලන්න ඕන. නව ක්‍රමවේදයන් හොයාගන්න වෙනවා. ඒ වගේම ආර්ථිකය ශක්තිමත් කරන්න නම් සංචාරක ක්ෂේත්‍රය කෙරෙහි වැඩියෙන් හිතන්න වෙනවා. මේ සංචාරක ව්‍යාපාරය, අපනයන ක්ෂේත්‍රය , කෘෂිකර්ම ක්ෂේත්‍රය වැනි මේ වගේ දේවල් වැඩිදියුණු කරන්න අපි කටයුතු කරන්න වෙයි. ඒ වගේම 2024 මේ අයවැයෙන් පසු 2024 වර්ෂය මැතිවරණ වර්ෂයක්. අනිවාර්යයෙන් මේ රටේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපති මැතිවරණයක් පැවැත්විය යුතුයි. ඒ වගේම කල්දාපු පළාත් පාලන මැතිවරණය තිබෙනවා. මේ මැතිවරණය සඳහා ඉදිරිපත් වෙලා තිබෙනවා දහස් සංඛ්‍යාත ගණනාවක්. මේ සමස්ථ අපේක්ෂකයන්ට මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා තිබෙනවා. කරුණාකරලා අපි රජයට කියනවා මේ මැතිවරණ තියන්නේ නැතිනම් මේ නාමයෝජනා අහෝසි කරලා දමන්න. මේ මිනිස්සුන්ට නිදහසේ ඔවුන්ට කැමති විදිහට ඔවුන්ට වැඩකරන්න ඉඩදෙන්න. නැතිනම් ලබන අවුරුද්දේ ජනාධිපතිවරණය, නැතිනම් ඒදා යහපාලන ආණ්ඩුව කාලයේ කල්දැමු පළාත් සභා ඡන්දය අනිවාර්යයෙන් තියන්න. මේ අවස්ථාවේ අපි පෞද්ගලිකව හිතනවා නියමිත කාලයට ජනතාවට මේ තීන්දුව දුන්නොත් හොඳයි කාවද අපේ රටේ ජනාධිපතිවරයා, කවුද ආණ්ඩුව බවට පත් කරන්නේ කියලා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපි ලැස්තියි ඒ මැතිවරණවලට ඉදිරිපත් වෙන්න. ජයග්‍රහණය පරාජය කරන එක නොවේ අපිට ප්‍රශ්නය තිබෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදි ලෙස මැතිවරණය පැවැත්විය යුතුයි. අපි බොහෝම පැහැදිලිව රජයට කියනවා 2024 ජනතාවට භාරදෙමු කාවද මේ රට භාරගන් පුළුවන් භාර දෙන්න පුළුවන් කියලා.” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මෙහිදි සඳහන් කළේ ය.

Post Views: 4
Previous Post

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් සහ ජාතික ජන බලවේගය අතර හමුවක්

Next Post

වර්තමානයට ගැළපෙන නව නීති හඳුන්වාදීමට ආණ්ඩුව කටයුතු කරනවා – ඇමැති මනුෂ

editor

editor

Next Post

වර්තමානයට ගැළපෙන නව නීති හඳුන්වාදීමට ආණ්ඩුව කටයුතු කරනවා - ඇමැති මනුෂ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved